Pages

Wednesday, August 15, 2012

මෙන්න SMS රසකතා ටිකක් !


මම අද දාන්න යන්නේ මගේ ෆෝන් එකට මේ ළඟඳි ආපු එස්. එම්. එස් ටිකක්.  ගොඩ දෙනෙක් මේ මැසේජ් දැකලා ඇති. ඒ වුණාට දැකලා නැති අයට කියවලා පොඩ්ඩක් හිනා වෙන්න මම ඒවා ටික දාලා යන්නම්. මේ මම හදපු ඒවා නෙමෙයි. මේවා කියවලා මං ගැන වැරදියට හිතන්න එපා ඕං.....



ඔයාට අද කම්මැලියි වගේ නේද?
එහෙනං දැන් ෂිප් එක අරින්න. ඒක ඈත් කරලා ඇතුළට අත දාන්න. දැන් පොතක් අරගෙන පාඩම් කරන්න.



‍        එදා මම කෙල්ලගේ ගෙදරට ගියේ ගහනවමයි කියලා හිතාගෙන. මම යනකොට කෙල්ලගේ ගෙදරත්  කවුරුත් නෑ. මම කෙල්ලත් එක්ක ගිහින් ගෙදර සැටිය උඩ වාඩිවුණා. මම ගහන්න පටන් ගත්තා. රතු පාට එක, මැද්දේ ලස්සනට තියෙනවා. මම රතු පාට එක දාන්න ට්‍රයි කරනකොට මගේ සුදුපාට ඒවා ඉක්මනට ම ගියා. ඒත් කොහොම හරි මං මගේ රතුපාට එක දාගත්තා. අන්තිමට කැරම් ගහලා මං දිනුම් ! කෙල්ල පරාදයි.



        මෙන්න ඔබට මහඟු අවස්ථාවක්. මගේ දුරකතන අංකයට (075xxxxxxxx) රුපියල් 25 ක හෝ 49ක රීලෝඩ් එකක් දමා වටිනා ත්‍යාග දිනා ගන්න.
පළමු ත්‍යාගය - රුපියල් ලක්ෂ 50 ක් වටිනා මෝටර් රථයක පින්තූරයක්
දෙවන ත්‍යාගය - සිංගප්පූරුව දක්වා හෙලිකොප්ටර් සවාරියක් යන පිරිසකට අත වැනීමේ අවස්ථාවක්.
තුන්වන ත්‍යාගය  - මා සමග සුපිරි රාත්‍රි ආහාර වේලක් ඔබේ වියදමින්.
ඉක්මන් කරන්න. මෙම මහඟු අවස්ථාව හිමිවන්නේ මෙම සතිය තුළ යොදන රීලෝඩ් වලට පමණයි.



        ඔයා තමයි මගේ වස්තුව. මම ඔයාව මගේ කරගත්තේ ගොඩක් මහන්සි වෙලා. මම හැමතැනම ගියේ ඔයත් එක්ක. ඔයත් මගේ හෙවනැල්ල වගේ මං ගිය හැමතැනකටම ආවා. එදත් හැමදාම වගේ මං පන්සලට ගියා. මම බුදුමැදුරට යනකොට ඔයාට එළියෙන් ඉන්න කියලා ගියේ. ඒත් මම ආපහු එනකොට ඔයා නෑ. මට ගොඩාක් දුක හිතුණා. අන්තිමට මම දුක දරාගන්න බැරි තැන හැමෝටම ඇහෙන්න කැගහල මෙහෙම කිව්වා. කවුද යකෝ පන්සලේ සෙරප්පු උස්සන එකා?




කෙල්ල : අනේ මගෙ රත්තරං නවත්තන්නම් එපා. දිගටම කරන්න....
කොල්ලා : අනේ ඔයාගේ ගවුම පොඩ්ඩක් උස්සගන්නකෝ.... ඒකත් එක්ක බෑ.
කෙල්ල : මොකද?.... දාඩියත් දාලා.... චන්ඩියා වගේ කරන්න පටන් ගත්තට දැනටම හති.
කොල්ලා : මට නම් දැන් හොඳටම හති.
කෙල්ල : අනේ කොහොම හරි කරන්න....... තව ටිකයි.......
කොල්ලා : ම‍ට නම් දැන් මාර අමාරුයි. ඩබල් දාලා බයිසිකලෙන් කන්දක් පාගනකොට මෙහෙම තමා.  



දැනට මෙච්චරයි. තව ගොඩක් තියෙනවා. දාන්න වෙලාවක් තමා නැත්තේ. අදට නවතින්නම් මෙතනින්. ආයෙත් එනකොට තව කතා ටිකක් අරගෙන එන්නම්.

2 comments:

  1. අන්තිම එකනම් අදයි ඇහුවේ.ඔය වගේ ඒවා අම්බානක මටත් ආවා කාලයක්.මලයෝ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපන් නැත්තම් මම නම් ආයේ මේ බ්ලොග් එකේ කොමන්ට් දාන්නේ නැහැ.

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේෂන් වැඩේ නං ඕං අයින් කළා. දැන් ඉතින් නිදහසේ කමෙන්ට් කළහැකි.

    ReplyDelete