Pages

Monday, May 21, 2012

පූජාවලිය - විසිඅට වන පරිච්ඡේදය - ජීවකාරාම පූජා කතා [rachithra.blogspot.com]


තෂිල රචිත්‍ර විසින් "රචිත්‍රගේ නිදහස් අඩවිය" වෙත එක් කරනු ලැබිණි.

(ලිපියේ සමහර ස්ථානවල අක්ෂර වින්‍යාස දෝෂ තිබිය හැකි බව කරුණාවෙන් සලකන්න.)

* * * * * * * * *  * * * * * * * * * * * * * * *

තව ද: අප බුදුන් ජීවකයන්ගෙන් ලද ජීවකාරාම පුජා නම කවරහ යත්? එහි පිළිවෙල කථාව සාවධාන ව ඇසිය යුතු. එ නුවර මහාමාත්යාඅදි ක්විති රජුන්ගෙන් ම පරිගෘහිත වූ හෙයින් ද, වෙභාරාදි පව්ර්ත රාජයන් විසින් පරිතෘහිතවූ හෙයින්ද, සියලු සත්ත්වයන්ගේ ගෙවල් රජුන්ගේ ගෙවල් හා සමවු හෙයින්ද, නො එක් සව්ර්ඥ රාජයන්ට පිණ්ඩපාත ගෘහයක් බඳු වූ හෙයින්ද, නො එක් සව්ර්ඥනරාජයන්ට පිණ්ඩපාත ගෘහයක් බඳු වූ හෙයින් ද, බු‍ඬොත්පාදයෙහි බුඬදර්දනය නිසා රැස්වන්නාවු දන්ද්ර් සුය්ය්ඥර්‍ාදි රාජග්රදහයන්ගෙන් පරිග්රරහ ය යි නම් විය. එසේ හෙයින් එ නුවර බුදුන් දවස ද චක්‍රනවර්ත්තින් දවසද නුවර වෙයි, සෙසු කල යක්ෂයන්ගෙන් පරිගෘහිත ව ඔවුන්ට ම වසන්තොද්යාගනයක් සේ තිබෙයි.
ඔහු ජීවකය කොමාරභච්චය යි නම් දෙකක් කුමක් නිසා ලදුවාහු ද යත්? ලෝකයෙහි ආවස්ථික ය, ලිංගික ය, නෙමිත්තක ය, අධිච්ච සමුප්පන්න යයි නාමයෝ සතරදෙනෙක් වෙති. එයින් කොලු ය,කෙලිය, කොඹු ය. කෙමි ය, වසු ය, වැසිය, ළදරු ය, ළදැරි ය. මහලු ය. මැහැලි ය, යනාදි වසයෙන් සත්ත්වයන්ගෙන් ඒ ඒ වයස් බලා කියන නම් ආවත්ථික නම. කළු ය, එලලු ය, කුරු ය, කුදු ය, කෘශ ය, ස්ථුල ය, ශිකණ්ඩි ය, දුන්නා ය, කුන්ත යා ය, පලහයා ය, ජත්තපාණි ය, දණ්ඩපාණී ය යනාදි වසයෙන් සත්ත්වයන්ගේ ම සංඥය නිසා කියන නම් ලිංගික නම. ධම්ර්ධයර , පණ්ඩිත ය, බහුශ්රැතත ය, ස්ථවිර ය, ශ්රොධතාපන්න ය, ආය්ය් ර්‍ , සව්ර්ඥථ ය, දසබලධර ය, යනාදි වසයෙන් සත්ත්වයන් පැමිණියාවු ගුණධර්මයයන් ගෙන කියන නම් නෙමිත්තක නම, සිරවඩ්ඪ ය, අජිත ය, සිඬාර්ථ ය. ගොතම ය. ශාක්ය්සිංහ ය, ආදිච්චබන්ධුය, පරාක්රථමබාහු ය, වික්රමම බාහු ය. ශාකයසිංහ ය, ආදිච්චබන්ධුය. පරාක්රවමබාහුය, වික්රයම බාහුය. වීරබාහුය, විජය බාහු ය, ජය බාහුය, නිස්සංකමල්ල , ත්රිාභූවන මල්ලය. සාහස මල්ල ය, බුවනෙක බාහුය,ගජබාහුය, යනාදි වශයෙන් සත්ත්වයන්ගේ ඉච්ජානුරූප වූ පරිද්දෙමින් ලබන ලද නාමයෝ අධිච්චසමුප්පන්න නම් වෙති.
මෙ තැන වනාහී රාහු ලො ජාතො, බන්ධනං මෙ උප්පන්නං කී වචනය නිසා රාහුල නම් ලදුවා සේ, අඤ්ඤසි වත හො කොණ්ඩඤ්ඤා යි වදාළ වජනය නිසා අඤ්ඤාකොණ්ඩඤ්ඤනම් ලදුවා සේ , සංක්‍යාත වත හො රාජකුමාරා යි කී වචන ය නිසා ශාක්යෟය නම් ලදුවා සේ , කුමාර පෙරහරින් වැඩි හෙයින් කුමාර කාශ්ය පනම් ලදුවා සේ , පන්ථයෙහි ජාත හෙයින් පන්ථකනම් ලදුවා සේ , ස්වර්ණාසාරයක් බඳු වූ රූපාරයක් ඇති හෙයින් ඇති හෙයින් බිම්බිසාරනම් ලදුවා සේ , මහා ප්ර ජාවට පති හෙයින් මහා ප්රූජාපතිනම් ලදුවා සේ. මහා යශස් ධරන හෙයින් යශෝදරා නම් ලදුවා සේ, කපිල නම් සෘෂින්ගේ පර්ණශාලා භූමියෙහි උපන් හෙයින් කපිලවස්තුනම් ලදුවා සේ, ශ්රාවස්ති නම් සෘෂින්ගේ පන්සල් භූමියෙහි ජාත හෙයින් ශ්රා,වස්තිනම් ලදුවා සේ. මොහු ද අභය රාජ කුමාරයන් විසින් ජීවකො කි වචනය නිසා ජීවකනම ලදහ. ඒ කුමාරයන් විසින් වඩන ලද හෙයින් කොමාර භච්ච නම් ලදහ යි දතයුතු. මේ ඔවුන්ගෙන් පිළිවෙළ කථාව ය.
විශාලා මහනුවර අම්බපාලි නම ගණිකාවක් ඇත. ඕතොමෝ දිවය සමාන වූ ශරීරවර්ණ ඇත්ති ය, සල්ලාලයන් මන වඩන්නාවූ රූපලීලා ඇත්තිය. දහස් ගණන් පරිවාර ජනයන් ඇත්තී ය, සත් දහස්සත්සිය ත් ලිච්ජවි රජුන් කෙරෙහි ද ඉතා වල්ලභ ය, එ නුවර නැඟු ද්වජයක් වැන්නි ය, සල්ලාලයෝ දවස දහසක් දී ඇය ප්‍රාර්ථනා කරන්නාහුය. ඒ නුවර ඇගෙන්ම හොබනේය යයි දඹදිව ප්‍රසිද්ධ විය.
එ කල රජගහ නුවර බිමිබිසාර රජ්ජ්රුවෝ එ පටත් අසා චක්රහවර්තින් උපදනා වූ අමිතභොගි සිටුවරුන්ගෙන් හා අටලොස් කෙළක් කුලයෙන් ශොභාමත් වූ මාගේ මෙබඳු වූ ශ්රීස නගරයක් විශාලා මහනුවරට එක ගණිකාවක නිසා අඩු වනු නො යෙදෙයි, මාගේ නුවර ද වෙශයාවකගෙන් ශොභාමත් කරවමියි සිතා එ නුවර මුවල්ලෙහි රූපත්වූயை ස්ත්‍රීන් පරීක්ෂා කොට සාලවතී නම් කුමාරිකාවක උතුම් රූ ඇති සේ අසා ඇය රාජාංගණයට ගෙන්වා මුළු නුවර වැස්සන් රැස් කොට මෙ පවත් කියා අපි ම ඇති කරවම්හයි මන්ත්රොණය කොට නුවර වැසියන්ගෙන් මසුරන් හා වෙශයාවන්ට සුදුසු වූ රුවන් පලඳනා හා පිරිවර ජනයන් හා උයන් පොකුණු පත්ගම් ආදි වූ නො එක් සැපත් හා සත්බුමු මහ පායකු දු දී. එ නුවරට අග්රප වූ වෙශ්යාම තනතුරු දී දවස දෙදහසක් දී , ඇය කරා පුරුසයන් වදිනා සේ නියෝග කොට අම්බපාලි නම් ගණිකාවට දියුණු වූ ස්ථානාන්තර හා සම්පත් දුන්හ. එ තැන් පටන් ඒ සාලවති නම් ගණිකා ද එ නුවර නැඟු ද්වජයක් සේ ප්‍රසිද්ද වුව.
එ කල ඒ නුවර බිමිබිසාර රජ්ජුරුවන්ට පුත් වු අභය නම් රාජ කුමාරයෝ ද එ වෙශයාව කරා වදිනාහ, එසේ හෙයින් එ රාජකුමාරයන් ඇය කරා වැදගිය දවසෙක ඒ රාජකුමාරයන් උදෙසා ඈට දරුගැබෙක් උපණ: රාජකුමාරයෝ නො දන්නාහ. වෙශ්යාදවෝ නම් දරුවන් ඇතත් නැත්තා සේ පුරුෂයන් වඤ්චා කරන ස්වභාව ඇත්තාහ, පුතුන් ලද කල වල දමන්නාහ, දුන් ලද කල නො හගවා වඩන්නාහ. එසේ වූ ධම්ර්ය්ක් ඇති හෙයින් ඕ ද තමා දරු ලදහ යි නුවරට සැලව ගියේ වී නම් සල්ලාලයෝ මා කෙරෙහි සරු නැති ව යන්නාහ. මායමක් කෙරෙමි යි සිතා පරිවාර ස්ත්රිවය කැඳවා මා කරා ආ කෙනෙක් ඇත් නම් මා ලෙඩහ යි කියා පුරුසයන් ඇතුලට නොගෙනැයි උගන්වා දසමසක් ගිය කල පුතකු වදා ඔහු කුලුමොල්ලෙක ලවා මතුයෙහි කසළ ලා වසා මොහු නුවරින් පිටත ගෙන ගොස් උක්කාර භූමියෙහි ලා පියවයි එම කෙල්ල අත යවා දම්මවා තමාගේ ගෙය සුවද පිරිබඩ ගෙන ලෙඩින් ගොඩ නැංගා සේ අතුරක් නො හඟවා පෙර සේම වෙසෙයි.
එ දව් අබය රාජකුමාරයෝ එ නුවර ක්රී ඩාටවන් ඇවිදිනාහු ය. එකල කපුටුවෝ කුමරහු කරා රැස් ව මස්වැදැල්ලෙකැ යි සිසාරා අතුරු නො දී තුඩු අමෝරා ගෙන කුමරහුගේ පින් බලයෙන් කිසිවක් කොට ලිය නොහී කාරැස් බදිති. එ කල රාජකුමාරයෝ තෙල කපුටුවන් කාරැස් බඳනේ කුමන කුනපය කටදැයි විචාරා ස්වාමිනි! වල දමාපු බාල දරු කෙනෙකුන්ටයයි කීකල ජීවත් ද අජීවත් දැයි විචාරා ස්වාමිනි! ජීවතැයි කී කල ඔහු මෙසේ ගෙනෙවයි ගෙන්වා කුමරහු දැක දුමරහුගේ ඒ ජාතියෙහි සෝවාන් වන පින් බලයෙන් හා තමන්ට ජාත වූ පුත්රය ස්නේහයෙන් හා ආද්රේ වූ සිත් ඇතිව එ කෙණෙහි දරුපෙම් බැඳ රජගෙට ගෙන ගොස් කිරිමවුන්ට පාවාදී කුමාර පෙරහරින් නො එක් මඟුල් කරවා වැඩුහ. ජීවත් දැ යි කී බස නිසා ජීවක නම් වූහ. කුමාරයන් වැඩු හෙයින් කොමාර භච්ච නම වුහ.
මෙසේ වැබෙන්නාවු ද් ජිවකයන් සත් අට හැවිරිදි වු කල කෙළිමඬලෙහි සෙසු රජකුමරුවෝ මවුන් නැත්තව යි කිය කියා බැණ බැණ කෙළිති. එ කල ජීවකයෝ ලජ්ජා ඇතිව අභය රාජකුමාරයන් කරාපලාගොස් ස්වාමිනි! මා වැදුවෝ කවුරුදැයි විචාළහ. එ කල රාජකුමාරයෝ මඳක් සි තොප පියාණෝ නම් මම ය, තොප මවුන් කා බවත් නො දන්මි, තොප වල දමා පියා එත් තැන දැක වඩා ගතිමියි කිහ.
(අ.පො.ස සා.පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය නිර්දේශයේ 3 වන පාඩම මෙතැන් පටන් උපුටා ගැනෙයි.)
එ තැන් පටන් ජීවකයෝ තමන් වු පවත් දැන මාගේ කිසි නෑසිය කෙනෙකු ත් නැත, මතු මට හිමි වන කුලසැපතෙකු දු නැත, එසේ හෙයින් මා විසින් ශිල්පයක් හදාරා ගත මැනව, ශිල්ප බලයෙන් බොහෝ දෙනා නෑ කොට ගෙන ධන උපදවා ගත මැනැව, කෙසේ වූ හිල්පයක් හදාරම් දෝ හෝයි නිරවද්යැ වූ හිල්ප පරීක්ෂා කරන්නාහු අෂ්ටාදශ ශිල්ප හා සුසැට කලා හිල්පයෙහන් සෙසු ශිල්ප පරපීඩා - පරහිංසා මිශ්‍ර ය, වෛද්‍ය ශිල්පය හදාරා ගතිම් නම් වෛද්‍යාචාර්‍යය යන නම් ඇසූ කල ම සත්ත්වයෝ මවුන් -පියන් -ගුරුන් කොට සිතා ඔවුන් කෙරෙහි ප්‍රිය ඇති වන්නාහු ය, වෛදයශාස්ත්රු ය නම් දතුවාහට මෙ ලොව ත් වැඩ වෙයි, පරලොවත් වැඩ වෙයි, එසේ හෙයින් වෛද්ය් ශාස්ත්ර ය ම උගන්මියි සිතා තක්සලා නුවර ගොස් දිසාපාමොක් ආචාරීන් දැක තමන් ආ පවත් කියා සිටියහ.
ආචාරී තෙපි කවුරුදැයි විචාළහ: අනිකක් කිමි නම් මා කෙරෙහි ආදර නොකරතියි සිතා රජගහා නුවර බිම්බිසාර රජ්ජුරුවන්ගේ මුනුබුරාණෙමි, අබය නම රාජ කුමාරයන් පුතණු වෙමියි කිහ. කුමන ශාස්ත්රරයක් උගනු දැ යි විචාළහ: වෛද්ය ශාස්ත්රිය උගනිමියි කිහ. ආචාරිහු ආචාරිභාගය ගෙනවුදැයි විචාලහ; දෙ මවු පියන්ට නො කියා ශිල්ප ලොභයෙන් සොරා අයිමි, එසේ හෙයින් ආචාර්‍ය්‍යභාභග ය නො ගෙනායමි, නුඹවහන්සේට මෙහෙ කොට ධර්මාන්තෙවාසික ව ශිල්ප හදාරමි යි කිහ. එ ල ආචාරි මෙ තෙම පින්වත් පුරුෂයෙකැයි සිතා ශුභ මොහොතකින් වෛද්යියට පටන් ගැන්වූහ.
එ වේලෙහි බුදුන්ට පිලියම් කෙරෙමියි කප්ලක්සයක් පැරුම් පුරා ආ කෘතාධිකාර පුන්යමවන්තයා හෙයිනුත් බුදුනුදු දිවයමය වූ පිළියම් ලදමනා පිනිනු ත් ශක්රනයාගේ භවනය කම්පා විය. එ වේලෙහි ශත්ර ද්රේයවෙන්ද්රබයෝ මොහු දැක මාගේ බුදුන්ට මතු පිළියම් කරන වෙදහුට මම ආචාරි වෙමියි සිතා එ කෙණෙහිම අවුදින් ආචාරින් මුකයෙහි අදිගෘහිත ව ශක්රසයෝම අන තැන් කියන්නට පටන් ගත්හ. අසන තැන් කියා අන්තයෙහි ශක්රමයෝ ආචාරින් ඇගින් පහ වෙති. ජීවකයෝ ආචාරීන් ම අසන තැන් කියතියි සිතති. ආචාරි තමන්ගේ බලයක් නො වන නියාවත් විශෙස යෙන්ම දන්ති. කුමක් නිසා දනිද්ද යත්? ජීවකයන් උගත් දිව්ය ඖෂධ වල නම් ආචාරී කුමක් බවු නො දනිති. ජීවකයන් තමන් අතින් අසා ගෙන සන්හිඳවාලන ව්යාතධි ආචාරී සන්හිදුවාලිය නො හෙති, මේ කාරණයෙන් ආචාරි දෙවියන්ගේ බල බවු විශෙසයෙන් ම දනිති. එ කල කර්මාමන්විත වූ වයාධියක් හැර අවහෙෂ වු වයාධි , එක ආලෙප මාත්රමයෙකින් අන්තර්ධාන වන තරම් දිව්යුමය වු ඖෂධ උගන්වන්නා වු ශක්රනයෝ ජීවකයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි වෛද්ය ශාස්ත්රනය උගන්වා නිම වූහ. ශක්රයයන්ගේ ආනුභාවයෙන් උගන්නා හිල්පය කල් පලා ගියේන යත්? එසේ නැති; අනුන් සොළොස් හවුරුද්දෙකින් උගන්වන්නා වු ශිල්පය ශක්ර්යෝ තමන්ගේ ආනුභා‍ෙවයෙන් ජීවකයන් සත් හවුරුද්දෙකින් ඉගැන් වුහ.
එ කල ජීිවකයෝ වෛද්යු ය තමන්ට නිමි සේ දැන ආචාරින් කරා ගොස් ස්වාමිනි! නුඹගේ මේ ශිල්පයෙහි නිමාවෙක් කවර කලෙක වේ දැයි විචාළහ. ආචාරි මොහුගේ ශක්ති පරීක්ෂා කෙරෙමියි සිතා එසේ වී නම් පුත තෙපි මේ නුවර සතර වාසලින් පිටත් වලා, සතර දවසක් සතර යොදනක් තැන් වෙන වෙන ම ඇවිද ඖෂදයකට නො ගත හැකි මුලක් -මලක් -පොත්තක් -අත්තක් -ඵලයක් -පතක් සොයා ගෙන අවුත් මට පැ බලගැයි කිහ. එ කල ජීවකයෝ යහපතැයි ගිවිස තර දවසක් දිවා බාගය මුළුල්ලෙහි සොලොස් ගවු තැන ඇවිද ඖෂධයකට නො තරම් වු කිසි යම් ද්රොව්යකයක් නො දැක ආචාරින් කරා අවුත් ස්වාමිනි! මේ මිනිස්ලොව නම් පුව්ර්යොහි ඖෂධයකට නො ගත හැකි වස්තුවක් නො ලද්දෙමියි කිහ. එ වේලෙහි ආචාරි සමාදිව පුත! තොපට වෛද්යමය අද පටන් නිමියේ ය.මේ මුළු පොළොව තොප තරම් වෛද්යා්චාරි කෙනෙක් නැත. මම තොපට ආචාරිකමට අයොග්යෛයෙමි. තෙපි මට ආචාරි වවයි කියා ජීවකයන් සිඹ සනහා ගමට යවයි සමු දුන්හ. එ වේලෙහි ශක්රකයා ද මුඛයෙන් පහ විය.
එ වේලෙහි ආචාරි සිතන්නාහු මේ කුමර මහාපුණයවන්තයෙක, මා ගුරුකම් කළා යි යන නාමමාත්රනවක් මුත් මේ තෙමේ දිව්යක ගුරුන් ඇතියේය. දිවයමය වු ‍ෙඖෂධ දතුයේය. මෝහට මාගෙන් උපකරණදි , මිනිසුන් දී , සියනුවරට යැවීම් නම් මොහුගේ කල් පමාකොට ලා ගියේ ද යත් -ඇතැම් ශිල්පානු භාවය නොපෙනෙයි සිතා එක් දෙ දවසකට මාගෝර්පු කරනයක් ලාලා සමුදීයවුහ. එ කල ජීවකයෝ ගුරුන් වැද සමුගෙන සියනුවරට යන්නාහු මඟට බතක් සාලක් උව මැනැවැයි ිතා අතුරුමඟ සාකේත නම් නුවරට පැමිණියහ.
ඒ නුවර අසූකෙළක් ධන ඇති සිටානන්ගේ සිටුදේවින්ට ශීර්ෂායබාධායක් ඇතිව සත් හවුරුද්දක් මුළුල්ලෙහි මහත් වු වයසන වී ය. දඹදිව බොහෝ වෛද්යා්චාරිවරයෝ අපි සන්හිඳුවම්හ, අපි සන්හිඳවම්හයි වාසි කිය කියා අවුත් නො එක් පිලියම් කොට සම්පත් ගෙන යන්නාහු ය. ශීර්ෂාිබාද ය ඇසිල්ලෙක ත් සන්හිඳුවාලිය නුහුණුවාහුය. ජීවකයෝ එපවත් අසා ඒ සිටාණන්ගේ සත්වන වාසලට ගොස් සිට වෛද්ය යෙහි බලවත් ආචාරි කෙනෙක් වාසල සිටියෝයයි කියා යවුහ. සිටුදේවි එ පවත් අසා ජීවකයන්ගේ වය් විචාරා බාල දරුකෙනෙකැයි අසා සිනාසි දඹදිව ප්රනසිද්ද ආචාරිවරහු අවුත් මා ඇසිල්ලකු ත් නිදවාපිය නුහුණුවහ, කිරිබොන තරම් බාල දරුකෙනෙක් කුමක් කෙරෙද්දැයි කියා තමන් බඩසා වුව හොත් බත් ලවාගෙන කන්ට කියව. අනික් කිසි අඵාසුවෙක් ඇත් නම් ඉල්වා ගෙන යන්ට කියව, නන් නො දොඩා ආපස්සෙහි යන්ට කියවයි කියා යවුහ.
ජීවකයෝ එ පවත් අසා ශාස්ත්රක නම් බාල ය වැඩිමහලු ය යි යන බැවහාර නැති යේ ය, නුවන නම් වයස් නිසා ඇති වන දෙයක් නො වෙයි. මා දත් ශාස්ත්රවය මුත් මාගේ වයසින් තමන් වහන්සේට ප්ර.යෝජන කිම් ද. තෙල රුජාව සන්හිඳුවාලා මුත් නොයෙමි, වැලිඳු ධනහානියකු ත් නො කෙරෙමි. මාගේ ශාස්ත්රමබල දක්වා මුත් කිසිවක් නො ගන්මියි කියා යවුහ. සිටුදේවි ජීවකයන්ගේ නිර්භීත වු සාරභාර තෙපුල් අසා ඉතා සතුටුව ලෙර ගමන් කොට ගොස් ජීවකයන් කැඳවා සාමිචි කථාකොට බත් බුලත් දී සතපා හිඳිනා අසුන් දි පුතනුවවනි! සත් හවුරුද්දක් මුළුල්ලෙහි නින්දක් නො ලද්දාවු මා එකදවසක් නිඳවාපිය නොහෙනුයේ දැයි විචාලහ. ජීවකයෝ ඇසිල්ලෙකින් සන්හිඳුවාලමි යි පතක් පමණ ගිතෙල් උව මැනැවැයි කියා ගෙන්වා ගෙන තමන් අතින් නො එක් ඖෂධ ලා තෙල් සිඳ නිවා නශ්යන කලහ. තෙල ඉසට උරාගැන්ම හා සමඟ තෙලින් භාගයක් ඉසට නැංග, භාගයේ මුඛයට බට. මුඛයට බට තෙල් බිමට දමා කෙල්ලනි? තෙල තෙල් පුලු‍නෙන් ඉඳ රැක තබවයි කියා තෙල් ඉඳුවා තැබ්බූහ. ඒ වේලෙහි ජීවකයෝ බිම හුණු තෙලිත්ත හිඳිනා දැක මා කෙළේ කිම් ද. තෙල් බින්දුවවට පවා මේ සා වු ලොභයක් කරන්නාහු මට දියයුතු කුලි කෙසේ නම් දීපියද් දැයි සිත සිතා කලකිරි සිටියහ. සිටුදේවි ජීවකයන්ගේ අදහස් දැන පුත ! කුමක් සිතා සිටිනේ දැයි විචාළහ.
ජීවකයෝ දේවින් වහන්ස! නුඹගේ සම්පත් ලොභ ය සිත සිතා සිටියෙමි. මා අතින් බොහෝ ඖෂධ නසා මේතෙල කකා ලෙමි, බිම වැගිර ගිය තෙලින්තට නුඹ වහන්සේ මෙසේ ලොභකල, කෙසේ නම් මට මිල දෙනුයේද. මා අත තුබූ බෙහෙත් බඩු යෙනු ත් නො මට මිල දෙනුයේද, මා අත තුබු බෙහෙත් බඩු යෙනු ත් නො වෙම් දෝ හෝ යි සිතමියි කිහ. එ බසට සිටුදියණියෝ කියන්නාහු පුතණ්ඩ! එසේ නො කියව, අපි උපයන අවස්ථාවෙහි මෙසේ සියුම් ව උපයන සේ ත් දනුම්හ, වියදම් කරන අවස්ථාවෙහි උදාර කොට දෙන සේ ත් දනුම්හ. අනාථයේ වල දමන සේ නො දනුම්හ. බිම හී ගිය තෙලිත්තෙන් කිසිවක් හට ප්රේයෝජන නැත. පුලුනින් ගත් තෙලිත්ත පහනක් හෝ අවුළුවාලිය හැක්ක, නැතහොත් කන හෝ තබාගෙන හැක්ක, දුක්පත් කෙනෙකුන් අතපය හෝ ගාපිය හැක්ක, ඊට නුඹ නොසිතා නුඹ කළ මනා පිළියම් කරන්නැයි කිහ. සිටුදේවීන් තෙල ඉසට නැඟීම හා සමග ඉස රුජා අන්තර්ධාන වි ය. මෙතෙක් කථාකරන්නාහු ද රුජාව සන්හුන් බවු දැන සතුටු සතුටුව ම කථා කථා කළහ.
ඉක්බිත්තෙන් සිටුදේවි සිටාණන් මුහුණ බලා මාගේ හිස රුජා අන්තර්ධාන වි ය. මට පෙර දවස් ‍සේ ම ඉස ලඝු විය,මේ සත් හවුරුද්ද මුළුල්ලෙහි නුඹ මට කැරවු ප්රාතිකාරයෙන් මෙ බඳු වු සැපයක් නො ලද්දෙමි, ම පුතණුවන්ට සමාධියක් කරන්නැයි කීහ. එ වේලෙහි සියලු පරිවාර ජනයෝ සාධුකාර දුන්හ. ඉක්බිත්තෙන් ජීවකයන්ට සිටානන්ගෙන් සාරදහසක් හා , සිටුදේවීන් ගෙන් සාරදහසක් හා , පුතණුවන්ගෙන් සාරදහසක් හා, යෙහෙලණියන්ගෙන් සාරදහසක් හා මෙසේ සොළොස් දහසක් නීලකර්ෂා පණ සංඛ්යා ත වූ රන් දී අසුන් යෙදු රථයක් හා දාස දාසින් ගව මහිසයන් ආදි වු බොහෝ සම්පත් දුන්හ. අසු කෙළක් ධන ඇති කුලෙහි සම්පත් මඳකොට දුන්නාහුන යත්? බැවහාර රනින් විස්සෙක් නම් නිල කර්ෂා්පණයෙන් එකෙක් වෙයි, තුන්ලක්ෂ විසිදහසක් මසුරන් දෙන්නාහු ඔවුන් හා කැටිව බොහෝ සම්පත් ගෙනයන පරිවාර ජනයන් මඳහෙයින් මාහැඟි වු රනින් සොළොස් දහසක් ආදිවු බොහෝ සම්පත් දුන්හ යි දතයුතු.
ඉක්බිත්තෙන් ජීවකයෝ පලමු වන පිළියමෙහි ම මේ සා සැපතක් ලදින් ඒ සැපත් ගෙන්වා ගෙන ඒ රතයට නැඟි රජගහා නුවරට ගොස් පියාණන් දැක තමන් තක්සලා නුවර ගොස් වෛද්යජශාස්ත්රර ය හදාළ නියාව ත්, සිටුදේවීන්ගේ ආබාධ ය පිලියම් කොට ම්පත් ලද නියාවත්, යනාදි සුවරූප කියා මේ මා ලද පළමු වන සැපත නුඹවහන්සේ මා වැඩූ පොසාවනික මිලයට ගෙන වදාල මැනැවැයි කිහ.
අබය රාජකුමාරයෝ එපවත් අසා තොප මිල නිසා වැඩුයෙම් නො වෙමි, තොප සාලවති නම් ගණිකාව වැදු දවස් දමාපු තැන දැත මට තොප දා බවු නොදැනම පුත්රදස්නේහ උපදවා දරු කොට වැඩීමි, , තොප මට ද‍ා බවු පසුව දත්මි. එසේ හෙයින් තෙපි මාගේ සහජාත පුත්රමයහ, තෙල සැපත් තෙපි ම ගන්ව,තව ද මාගෙනු දු සැපත් ගෙන මාගේ රජගෙය සමීපයෙහි ගෙයක් නංවා ගෙන මාළග සුවසේ වසවයි කිහ. එ කල ජීවකයෝ පියාණන් ගේ රජගෙට නුදුරු තෙන ගෙයක් නංවාගෙන වාසය කෙරෙති.
එ කල එ නුවර බිම්බිසාර රජ්ජුරුවන්ට භගන්රාබාධයෙක් ඇත. කලින් කලට පිළක ය පැළි රජ්ජුරුවන්ගේ සළුලට ලෙහෙයෙන් රැදි යෙයි. බිසෝවුරු රජහුගේ රජහුගේ සළුපට ලේ දැක අපගේ දේවයෝ උතුනී වුහ, දරු උපත් සිටිනා සැටි ය, නොබෝ කලෙකින් දරුකෙනෙකුන් වදන සේක, දු දෝ හෝ. පුත් දෝ හෝ , දුවක් වී නම් දඹදිව කවර රජක්හට ශරණ පාවා දෙන සේක් දෝ හෝ , පුතෙක් වී නම් යහපතක්මය. මතු මේ නුවර රජ කෙරෙයි යනාදින් කිය කියා එකාවනු රජ්ජුරුවන්ට වෙහෙසුම් කෙරෙති. රජ්ජුරුවෝ ලජ්ජා ඇතිව දඹදිව බොහෝ වෙදවරුන් ගෙන්වා නො එක් වාරයෙහි පිළියම් කරවා සාධ්ය්යක් නො ලදින් එක් දවසෙක අභය රාජකුමාරයන් තනි කොට කැඳවා මෙ පවත් කිය වෙදකෙනෙකුන්ගේ සේරුවක් කියවයි කිහ. එ වේලෙහි අභය රාජකුමාරයෝ කියන්නාහු ස්වාමිනි! මාගේ පුතෙක් ඇත. හේ තෙම වෛද්යක ක්රි්යාවෙහි ඉතා දක්ෂය, ඔහු ගෙන්වා වදාළ හොත් යහපතැයි කියා ජීවකයන් තමන් වඩාගත් පවතුත් ඔවුන් ශිල්ය උගත් පරිදි ත් කලයාණ වු ගුන ඇති පරිදිත් කිහ. එ වේලෙහි රජ්ජුරුවෝ සමාධිව එසේ වී නම් තෙපි ම ඔහු මා කරා කැඳවාගෙන එවයි කිහ.
අභය රාජකුමාරයෝ එ වේලෙහි තමන්ගේ ගෙට ගොස් ජීවකයන් කැඳවා රජ්ජුරුවන් කි පවත් කියා රජගෙට මා හා කැටිව එවයි කිහ.එ වේලෙහි ජීවකයෝ යහපතැ යි ගිවිස ඒ ව්යාවධියට තරම් වු ඖෂධයන් භාවිතා කොට නියහස්සෙන් සඟවා ගෙන පියාණන් හා කැටිව රජගෙට ගොස් රජ්ජුරුවන් දුටහ.
රජ්ජුරුවෝ ජීවකයන් දැක උන්ගේ දර්ශනයෙහි පැහැද ඔවුන් තනි කොට මතුමාලයට ගෙන ගොස් තමන්ගේ ව්යා්ධිය දැක්වුහ. එ වේලෙහි ජීවකයෝ ව්යාිධිය බලා අද ම සන්හිඳුවා ලමි, දිවි පමණින් මතු ඇතිවියන් නො දෙමි, මාගේ සුරුකම් බලා වදාල මැනැවැයි වාසි කියාලා නියහස්හෙි තුබූ ඖෂධ මූත් කොට පිළකය මතුයෙහි ආලේප කළහ. එ කෙණෙහි ඒ ආලේපය හා සමඟ භගන්දරාබාධය සන්හිඳි පිලකය ඇති වු තැන කො තැන බවත් නො දැනෙන සේ අන්තර්ධාන වි ය.
එ කල රජ්ජුරුවෝ ජීවකයන් කෙරෙහි අතිප්ර සන්න ව මේ මට අභ්ය්න්තරව ආත්මාරක්ෂාවට තරම් දෝ හෝ නො තරම්දෝ හෝ තරම් වීනම් අභ්ය්න්තරව රක්ෂා කෙරෙමි, නොතරම් විනම් පිටත ම තබා රක්ෂා කෙරෙමියි සිතා රාජමායමෙකින් ජීවකයන් ගේ තරම් පරීක්ෂා කරන්නාහු පන්සියක් බිසෝවරුන් සර්වා්බරණ යෙන් සරහා රජගෙයි පිලිවෙලින් සිටුවා බොහෝ දෙනා රැස්කොට ජීවකයන් ගුන කියා බිසෝවරිනි! මෙ තෙක් දවස් මට තෙපි හැමදෙන බෙ‍ාහෝ වෙහෙසුම් කළෝ වේ ද, දැන් ඒ ව්යාමධි සන්හිඳි ගියේය. මපුතණුවවන් ජීවකයන්ට තොප තොප පලන් සියලු පලඳනාවෙන් පුදවයි කීහ. එකෙණෙහි පන්සියක් බිසෝවරු තමන් තමන් පලන් දහස් දහස් ගනන් ගන රන් පලඳනා ගොඩ ජීවකයන් උසටත් උස් විය; කල මිල හා රුවන් කර්මාීන්ත හැර ඝන රන් ම පස්ලක්ෂයක් පමන විය. එවේලෙහි රජ්ජුරුවෝ ජීවකයන් මුහුන බලා පුත! තෙල රත්නාභරණ තොපට ම දින්මි, හැරගන්වයි කිහ.
එ වේලෙහි අභය රාජකුමාරයෝ තමනු ත් රජ හෙයින් රජ්ජුරුවන්ගේ අදයස් දැන මේ පලඳනා මපුතනුවෝ ජීවකයෝ නො ගත්හු නම් යහපතැයි සිත සිතා සිටියහ. රජුගේ අදහස් දන්නා අමාත්යැයෝ ද එවුනොවුන් මුහුණබලා එසේම සිත සිතා සිටියහ. ජීවකයෝද තුමු ඔවුන් හැමට ත් වඩා තමන් මහ නුවණැති හෙයින් ඒ කාරණය දැන දෙවයන් වහන්ස! මේ සැපතින් මට කම් නැත. බිසෝවරුන් වහන්සේ අත කර ලූ පලඳනා මා වැනියන්ට සුදුසු නො වෙයි. නුම වහන්සේගෙන් කරුනා සම්පත් දෙවා වදාල මැනැවයි කියා නො ඉවසුහ. එ වේලෙහි රජ්ජුරුවෝ ද උත්තම පුරුෂයෙකැයි ජීවකයන් කෙරේ ඉතා පැහැද එ පළඳනා නැවත බිසෝවරුන්ට ම පාවා දී ජීවකයන්ට හවුරුදුපතා ලක්ෂනිමන නියම් ගමක් හා පවුරු පදනමින් සුරක්ෂිත වු අඹ උයනක් හා සිය ගණන් පරිවාර ජනයන් හා , සත්බුමු මහපායක් ආදි වු බොහෝ සම්පත් දී තමන් ඇතුළු වූ අන්තඃපුරයට හා බුදුන් ඇතුළු වු මහාසංඝයාට පිළියම් කරන සේ ස්ථානාන්තර දී තමන්ට අභ්යංන්තර කොට රක්ෂා කෙරෙති.
තවද එම රජගහා නුවර අසු කෙලක් ධන ඇති සිටාණකෙනෙකුන්ට ද ශීර්ෂාෙබාධයක් ඇති ව ඉස්මුල් ැත් ලලා ලියා හරිනා සේ මහත් වු වේදනා බපැද මරණප්රාසප්ත වුහ. ආචාරිවරු දෙදෙනෙක් අවුත් සිටාණන් බලා නිදන් දැක ව්යාලධි ය අසාද්යද නියාවත් සිටාණන් නො රැකෙන නියාවත් දැක එක් කෙනෙක් සිටානෝ පස්දවසෙකින් මියෙති, පිලියමින් කම් නැතැයි කියා ගියහ. එක්කෙනෙක් සත් දවසෙකින් මියෙති, මෙ ලොවට පිලියම් නො කරවා පරලොවට ප්රිතිකාරයක් කොට ගන්වයි කියා ගියහ. එ පවත් බිම්බිසාර රජ්ජුරුවෝ අසා ඉතා මහත් වු කම්පා ඇතිව මාගේ නුවර නැඟු ධ්වජයක් සේ ඉතා ප්ර සිද්ධවු සිටාණෝ මළාහු නම් මට මහත් වු හාන් වන්නේයයි සිතා ජීවකයන් කැඳවා පුත ජීවකයෙනි! මාගේ අසුවල් සිටානන් රුක දීලවයි කියා ජීවකයන් යවුහ.
එ කල ජීවකයෝ ගොස් සිටාණන්ගේ අවස්ථා දැක පෙර ආචාරිවරුන් දෙදෙනා කියා ගිය පවතුන් අසා තුමු ද පරීක්ෂා කොට දිවසින් දුටුවා සේ දැක ඔවුන් කියේ සැබැව. නුම ඉස මත්ථලුංගභොජන නම් පණුවෝ දෙදෙනෙක් අටගත්හ. එයින් එකෙක් මහත් වුව, එකෙක් කුඩා වුව, මහත් පණු නුඹ හිස්මුල් පස් දවසෙකින් කා නිමයි. කුඩා පණු සත්දවසෙකින් කා නිමයි, ඔහු දෙදෙන ම තමන් තමන්ගේ ශාස්ත්රුයෙන් පණුවන් දෙදෙනා වෙන වෙන ම දුටුහ. මහ පණුවා දුටු ආචාරි කුඩා පණුවා නුදුටුවහ, කුඩා පණුවා දුටු ආචාරි මහ පණුවා නුදුටුවහ. මම දෙදෙනාම දිටිමි. ‍එසේ හෙයින් සත් දවසත් නො වෙයි. පස් දවසත් නො වෙයි . තුන් විනා නුම දිවි රැක දි ලියහෙන අන් සමතෙක් නැතැයි කිහ.
එ බසට සිටානෝ නැවත ද මරන භයින් වෙවුලා පුතණු වෙනි! මාගේ දිවි රැකදිලුයේ වී නම් මාගේ මේ සියලු අසු කෙ‍ලක් පමන සිටුසැපතක් දෙමි, මම ද නුමට ම ගැති වෙමියි කිහ. එ වේලෙහි ජීවකයෝ එසේ නො වදාළ මනැවැ. මම නුමවහන්සේට ගැති නොවෙම්දැයි කියා භය නො ගත මැනැව, මා කීවකට ලැබුණේ නම් නුඹ දිවි රැක දි ලමියි කිහ.
එ වේලෙහි සිටාණෝ සන්තොෂ වනුඹ කි යම් ම දෙයකට ලැබෙමියි කිහ. ජීවකයෝ සිතන්නාහු මුන්ට ගරුකොට කියා ලඝු කොට ගොඩ නඟමියි සිතා මා කී දෙයකට ලැබෙන සේ වී නම් රැකලමි, කෙසේදයත්? උඩුතැල්ලා ම සත් ම් මුළුල්ලෙහි නො සෙල්වි ම වැද හොත මැනැව, එසේ ම දකුණැළයෙන් සත් මසක් වැඳ හොත මැනැව. වමැළයෙනු දු සත් මසක් නො සෙල්වී ම හොත මැනැව. එසේ පිලිවන් දැයි විචාළහ. සිටාණෝ ජීවිතාසාවෙන් නො කළ හැකි දෙයක් නියාව සිහි එළවාගත නොහි පිලිවනැයි ප්රහතිඥ දුන්හ. එවේලෙහි ජීවකයෝ සිටානන් වහන්ස! වෙදවරු නම් නිග්ර හ කොට දරුවන්ට දුක් දි හික්මවා මතු සුව දෙන්නා වු මවුන් පියන් ගුරුන් වැනියහ, එසේ හෙයින් නුමට ද කිසියම් පීඩාවක් කොට මුත් ගොඩනඟා ලිය නො හැක්ක, මා කරන යම් නිග්රගහයෙක් ඇත්නම් මා කෙරෙහි වෙෂයක් නුඋපදවමි යි කියා ත් , පවු නැතැ යි කියා ත්, වර දුන මැනැවැයි කීහ. සිටාණෝ නුඹ කරන යම්ම දෙයකට වෙෂයක් නො කෙරෙමි යි, පවු නැතැයි වරදුන්හ.
එ වේලෙහි ජීවකයෝ සිටාණන් ඇඳෙක උඩුබලා වැදහොවා සියලඟ නො සැලෙන සේ ඇඳ හා එක් කොට පටපිලියෙන් වෙළා සිටානන් ඉස්දොර වැදහිඳ සුක්ෂ්මවු සැතක් ගෙන සිටාණන් ඉස්බොල්ල පළා තුන්සන්ධිය වෙන්කොට හිස්මුල් කන පණුවන් දෙදෙනා සැත්තුඬින් ගෙන එළියේ ලූහ: එලියේ ලා මේ සත් දවසින් කා මරණ පණුය, මේ පස් දවසින් කා මරණ පණුයයි කියා පෑහ. ඒ විස්මය දුටු මහ පිරිස එකවිට ම සාධුකාර දුන්හ. එ වේලෙහි ජීවකයෝ සිටාණන් හිස්බොල්ල පෙර සේ ම සන්ධි කොට ලොම කුත් අඩුවැඩි නො කොට තබා බැහැනි ගෙන ඖෂධ ගල්වා සිටාණන් සත්දවසක් එම ශය්යානවෙන් සතපා, පෙර එක්විසි මසකට නියම කරවා ගත් පිළියෙම එක්විසි දවසින් ගොඩනඟා සිටාණන් හිස්මුල් අටගන්වා පෑළූ තෙන නො පෙනෙන සේ වණය සුව කළහ.
එ කල සිටාණෝ අරොගි වුවාහු ජීවකයන් කෙරෙහි පැහැද සියලු සිටු සැපත හා මාත් නුඹට පාවා ගන්නැයි කිහ. ජීවකයෝ එසේ වූ බස් නො වදාළමැනැව, මෙ තැන් පටන් සිටාණන් හා නෑ ව මා සන්තක වු මේ සියලු සැපත නුමවහන්සේට ම දින්මියි සිටානන්ට ම හැර රජ්ජුරුවන්ට ලක්ෂයෙක තමන්ට ලක්ෂයෙකැයි දෙලක්ෂයක් සම්පත් හා ගව මහිෂාදි කැමැති පමණ සැපත් ගෙන ගොස් නුවර වැඳ රජ්ජුරුවන්ට ගෙන ගිය ලක්ෂයක පඬුරු කොට දී, තුමු සෙසු සමුපත් අනුබව කොට එම නුවර වෙසෙති. එ තැන් පටන් ජීවකයෝ මුළු දඹදිව නැඟූ ධ්වජයක් සේ ඉතා ප්ර සිද්ධ වූහ.
තව ද බරණැස අනික් සිටු පුත්ර යාණ කෙනෙකුනට ද අන්තරගණ්ඨී නම් ආබාධයෙක් ඇති විය. හේ කෙසේද යත්? ඒ සිටානන් තරුන කල කරණම් පැන ක්‍රීඩාවක් කරණ දවසෙක බඩවැල උඩට නැඟි මධ්යරයෙහිදි ගැටගැසි ගිය, ඒ කාරනයෙන් සිටාණන් අනුභවකළ යම්දෙයක් බඩවැලින් මල මාර්ලෙයට යා නො හැකි පාකයට ත් නො යෙයි. මලමුත්රධයෙක් තමා ම නැත. ඒ වේලෙක අනුබව කල දෙයක් එක් වේලෙක නඟා පියා ජීවිතය රක්ෂා කෙරෙති. එ කල සිටාණෝ ශුෂ්ක කාෂ්ඨයක් සේ වියළි දවසින් දවස වැහැර පඬුවන් ව ගියහ, තෙල්පතක් වැළැන්දා සේ සර්වාංසගයෙහි ධමනි පෙනෙන්නට පටන්ගත. එ බවත් අසා දඹදිව බොහෝ වෙදවරු අවුත් අවස්ථා නො දැන විෂ්ම ප්රවතිකාර කොට සමනයක් කොටාගත නොහි යන්නාහු ම ය. සිටානන්ගේ ගෙට අපි අපි ය යි වාසි කිය කියා මුළු බැඳ එන වෛද්යානචාරීන් විින් හා පිළියම් කොට සමනය කොට ගතනොහි අපට බැරිය, අපට බැරියයි කියා ආපස්සේ යන වෙදවරුන් විස්න් හා උන්ගේ වාසල් දොර අතුරු නැතියේය.
ඒ සිටාණන් පියාණෝ , බාරණසෙය්ය්ක නම් සිටාණෝ ජීවක යන්ගේ පවත් අසා රජගහ නුවර ගොස් බිම්බිසාර රජ්ජුරුවන් දැක නො එක් සතුටු පඬුරු දි රජහු සන්තෝෂ කරවා පුතණු වන්ගේ ව්යා ධියෙහි පවත් කියා ජීවකයන් කැඳවා සිටාණන් ආ පවත් කියා ජීවකයන් ඉල්වුහ. එ වේලෙහි රජ්ජුරුවෝ ද ජීවකයන් කැදවා සිටානන් ආ බලා එවයි කියා සිටානන් හා කැටිව ම ජීවකයන් යවුහ. ජීවකයෝ ද බරණැස් නුවර ගොස් ව්යාීධිගත වු සිටාණන් දැක එ ව්යාුධියෙහි ද නිදන් බලා දිවසින් දුටුවාසේ ම දැක සිටානන් වහන්ස! නුඹවහන්සේගේ බඩ ගැට ගෙන තිබෙන ගුනයෙක් ඇද්දැයි විදාළහ; එ බඳු වු ගුනයෙන් ඇතැ යි කිහ. ක්රී ඩාවක් කළ දවසෙක සිට ඒ ගුණ ය ඇති වී දැ යි විචාලහ.
එසේම යයි කිහ: මල මුත්‍රා නැද්දැයි විචාළහ; නැතැයි කීහ; අධොවාත නැද්දැයි විචාළහ; නැතැ යි කිහ , එසේ වී නම් නුඹ බඩ අන්තරගණ්ඨි නම් ආබාදයෙක, නුඹ බඩවැල මැදින් ගැටගැසී ගියේය, ඒ සන්හිදුවා දීලමි . භය නො තළ මැනැවැ යි අස්වසාලා සිටුදේවින් පමණක් සිටුවා සෙසු ජනයන් පිටත්කොට අඟුළු ගෙන සිටාණන් යටිමාලෙහි මැද, කප නො සැලෙන සේ බැද සිටුවා සිටාණන් මුහුණ වසා පටපිළියක් බැද , සූක්ෂ්ම වු සැතක් ගෙන සිටාළණන්ට නො දැනෙන සේ බ‍ඩෙහි මතු සම පළා බඩවැල ඇතුළෙහි ලා බැහැනි ගෙන ඖෂධ ගල්වා සිටානන් ස්තම්භයෙන් උනා යානෙහි සතපා රස උළුකැන් පොවා තුන්දවසින් ගොඩනැඟූහ. සිටාණෝ ද එ තැන් පටන් පෙර සේම තුන්දවසින් ගොඩනැගූහ. සිටාණෝ ද එ තැන් පටන් පෙර සේ ම නිරෝගි වුවාහු. ජීවකයන් හා යහළුව උන් කෙරෙහි මහත් වූ පෙම් පැඳ සොළොස් දහසක් මසුරන් හා අසුන් යෙදු රළු -දැසි-දස්-ගව-මහිෂාදි බොහෝ සම්පත් දු සනුමානයෙන් යවුහ. ජීවකයෝ ද මහ පෙරහරින් ගොසින් රජගහා නුවරට වැඳ රජ්ජුරුවන් දැක තමන් කල පිළියම් කිහ. රජ්ජුජුවෝ ද ඉතා විස්මය වුවාහු ජීවකයන්ට නො එක් සම්පත් දුන්හ.
එ තැන් පටන් ජීවකයන්ගේ පවත් ඇසු දඹදිව බොහෝ වු ශ්රීනවන්තයෝ එසේ එසේ වු ව්යාුධියෙක් අපටද වී නමුත් උන් හා විශ්වාස ව ඉදුම්හයි නො එක් සතුටු පඬුරු ගෙන ජීවකයන් කරාඑන ශ්රීවන්තයෝ මෙ තෙකැ යි පමණ නැක. තමන් කරා ගෙන්වා ගත නොහී ජීවකයන් කරා එන ව්යා ධිගත සත්ත්වයන් ගෙන් උන්ගේ දොර අතුරු නැතියේ ය. එන කල මහහඬින් හඬ හඬා නො එක් ව්යාඅධියෙක් පෙළි පෙළි අවුත් ජීවකයන් දැක දිව්ය ඖෂද ලදින් අමාදිය ලදුවන්නා සේ ව්යානධි අන්තර්ධානව නිරොගි ශරීර ලදින් ජීවකයන්ට සාධුකාර දිදී සන්තෝෂයෙන් මත්ව තමන් තමන්ගේ සියනුවරට යන්නාවමු සත්ත්වයන්ගෙනුදු එ නුවර ට යන්නාවු සත්ත්වයගෙනුදු එ නුවර අතුරු නැතියේය. බුදුන්ට පිළියම් කෙරෙමි යි කප්ලක්ෂයක් ආ කෘතාධිකාර පුරුෂයාණන් හෙයිනුත් බුදුන් නිසාම ඔවුන් ඇතිවු හෙයිනුත්, මේ සා මහත්වු සත්ත්ව ශාන්තියකුදු මාගේ ස්වාමිදරුවු බුදුරජාණන් නිසා ම ලොවට පහළ වි ය. එසේ හෙයින් මෙයිදු මාගේ බුදුන්ගේ ම පෙළහරක් ම ය.
(අ.පො.ස සා.පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය නිර්දේශයේ 3 වන පාඩම උපුටා ගැනීම මෙතැන් පටන් අවසන් වෙයි.)

මෙසේ ඒ ජීවකයන් දඹදිව දිව්යේද්රැ මයක් සේ ප්‍රසිද්ධ වු සමයෙහිම උදේනි නුවර චණ්ඩප්‍රේද්යො ත නම් රජහටද පාණ්ඩු රොගයෙකින් ආබාධයෙන් වි ය. ඒ රජ්ජුරුවෝ ද නො එක් පිළියම් කරවා සාධ්යජයක් නො ලදින් ජීවිකයන්ගේ පවත් අසා නො එක් රජ පඬුරු දි බිම්බිසාර රජ්ජුරුවන් කරා දූතයන් නො එක් වාරයෙහි එවති. රජ්ජුරුවන් යව යි කි කල ඒ රජුගේ පවත් ආදිම තමන් අසා දන්නා හෙයින් ඔහුගේ ව්යාරධි සන්හිඳුවාලිම පිළිවන් නොවන්නේයයි කියා ජීවකයෝද නො එක් වාරයෙහි ප්රනතික්ෂෙප කොට නො යෙති. කාරණ කිම යත්?
ඒ රජ්ජුරුවන් තුමු ‍තෙලෙහි ප්රොතික්කූල ඇතියහ, කිසි යම් තෛල ජාතියක් ඇග ද නො ගාවති, අනුභව ද නො කෙරෙති, තෙල්වැටපහනු දු නො බලති, මලකඩ පහන් රජගෙයි නංවති, තෙලෙහි නම කිවන්නට ක්රොහධ කෙරෙති. තෙලෙහි කුමක් නිසා ප්ර තික්කූල ඇතියාහු ද යත්? ඒ රජ්ජුරුවන්ගේ මෑණියන්ගේ පුර්වන ජන්මයෙහි වල්ලබයා බිසොවුන් කෙරේ සිත්තබා මිය අහෙතුක ප්රිතිසන්ධියෙහි නුහුසු ව ඉපැද එම රජගෙයි බිසොවුන්ගේ ශ්රීි යානය යට වසාය කෙරෙයි, එක් දවසෙක බිසොවුන් උතුනි ව නහා මල් සුවඳ යානේ වැඳහොත් කල්හි නුහුසු බිසොවුන් කෙරෙහි ප්රොම ධරාගත නො හෙනුයේ රජහට පලමු මම මැ හා ආස්වාදයක් කෙරෙමියි යානට නැඟි බිසොවුන් නාභියෙහි පරාමර්ශනය කෙළේය, එවේලෙහි නාභිපරාමර්ශය හා සමඟ ම බිසොවුන්ට ද රතිචලන ය විය. මවගේ උතුනි භාවයක් හා එක්තරා එක් ආකාරයෙකින් කාමයන්ගේ චලන ය. වීමක් හා සත්ත්වයක්හුගේ ඉපදීමක් හා, මේ තුන්දෙනාගේ සමාගමයෙන්ම දරු ගබක් හටගන්නා හෙයින් , එ වේලෙහි රජ්ජුරුවෝ ද ගෝනුස්සාට දාව පිළිසිඳ ගත්හ. මේ කාරණයෙන් ඒ රජ්ජුරුවෝ ද විච්ජිකයන්ගේ වර්ණන ඇතියහ, විච්ජිකයන් සේම නිර්ගුණියහ ඉතා චණ්ඩයහ, එසේ හෙයින් චණ්ඩප්රජද්යෝත යයි නම් ලදහ. ගෝනුස්සන්ට තෙල් ජාති නම් විෂ හෙයින් ඒ රජ්ජුරුවන්ට ද තෙල් ජාති විෂ හා සමය , මේ කාරණ දැන තෙලක් වළදවා මුත් පාණ්ඩු රෝග ය සන්හිඳුවා ලිය නො හැක්කැයි කියා පිළියමට නො යෙති.
නැවත ද බිම්බිසාර රජ්ජුරුවන් කරා පඬුරු හා දූතයන් යැවූහ. එකල රජ්ජුරුවෝ ජීවකයන් කැඳවා පුත ! චණ්ඩප්රබද්යොජත රජ්ජුරුවෝ මා හා අති විශ්වාස ය, මේ වාරයෙහි උත්තර නො කියා ගොස් උන් කීවාට වැනිව උන් බලාපියා වී නමුත් එවයි කියා ජීවකයන් යවුහ. එ කල ජීවකයෝ උදේනි නුවර ගොස් රජ්ජුරුවන් දැක අවස්ථා බලා මායමකින් බෙහෙත් තෙලක් පොවා මේ රජහුගේ ජීවිතය රැක දෙමියි සිතා මා වැනි වෙදක්හු ඇස පෙනි ගිය ව්යාකධිගත රජක් නැසී යාම සුදුස්සෙක් නො වෙයි, එසේ ද වුවත් මේ රජ චණ්ඩ ය, කාරණාකාරණ පරික්ෂා නොකෙරෙයි , තෙල් පෙවුවිටම ක්රොාධයෙන් මා මරවයි, මායමකින් තෙල් පොවා මොහුගේ ද මාගේ ද ජීවිත රක්ෂා කළ මනා වේ දැයි සිතා දේවයන් වහන්ස! මේ ව්යා ධිය සන්හිඳුවා ලමි, කිසි භයක් නො කළ මැනැව , බල එකෙක් ඇත; වෙදවරු නම් ඖෂධයට ලොභියහ, අනුන් ලවා බෙහෙත් නො ගෙන්වති, ඒ ඒ ඖෂධයක් තුමු තුමු ම ස්වහස්තයෙන් ගන්නාහු ය, එසේ හෙයින් මා ත් නුඹගේ මේ නුවර කැමැති වාහනයක් නැඟි කැමැති වාසලකින් කැමැති යම් වේලෙක මා සිත්සේ ම යන එන සේ රකවල් හළ මැනැවැයි කීහ.
ඒ චණ්ඩප්රලද්යොිත රජ්ජුරුවන්ගේ අනර්ඝ වු දිව්යිසමාන වු වාහන පසෙක් ඇත. කෙසේ වු වාහන පසෙක් ද යත්? භද්ර‍වති නම් ඇතින්නක් දවසක් ඇතුළත පනස් යොදුන් ගොස් පනස් යොදුන් එන පමණ ගමන් ඇත්ති ය. දෙවියන් විසින් මැවු එපපාතික වු කාක නම් දාවයෙක් දවස සැට යොදනක් ගොස් සැට යොදනක් එයි. නාලාගිරි නම් ඇතෙක් සියක් යොදුන් ගොස් සියක් යොදුන් එයි. මුඤ්ජකෙශි නම් වෙළඹක හා තෙලකර්ණ නම් අශ්වයකු හා දෙදෙන එක්සිය විසි යොදුන් ගොස් එක්සිය විසි යොදුන් එන්නාහ. මුළු දඹදිව මෙසේ වු පඤ්ච මහා වාහන ඇති එක රජෙකුත් නැත. ඒ කෙසේ වු පින් බලයෙකින් ලද්දාහු ද යත්?
ඒ රජ්ජුරුවෝ ගිය දවස දිළිඳු වු කුලයෙක ඉපැද අනුන් විසින් දන්දෙනු ලද බත්පාත්රළයක් සමසිතින් තමන් කර තබා ගෙන වහා වහා දිවගොස් වේලා නොවරදවා පසේබුදු කෙනෙකුන් වහන්සේට පිළිගන්වා තමන් අතින් දැවැටි පැන් පෙරාදි වළදවා ස්වාමිනි! නුඹ උදෙසා අද මා විසින් කළ කාය වෙය්යාවවතෙහි අනුසසින් මතු මෙසේ වු දුඃඛිතකුලයෙක නුපදිම්වයි, රජකුලෙහි උපදිම්ව යි, මේ බත්පාත්රා ය ඉසිළූ පිනින් මතු මා උසුළන ශිඝ්රජ වාහන ලබම්වයි ප්රාබර්ථනා කළහ. ඒ වේලෙහි පසේ බුදුන් වහන්සේ ද ඕහට මතු වන වැඩ දැක:-
ඉච්ජිතං පත්ථිතං තුය්හං-ඛිප්පමෙව සමිජ්ක්ධතු
පූරෙන්තු ච්ත්තසංකප්පා- චන්ද්රොව පණ්ණරසො යථා යි
යනාදින් බණ වදාරා වැඩි සේක. පෙර කළ එඉඳු වු කුසල යෙකින් මෙබඳු වු රජකුලෙහි බපැද පඤ්චමහා වාහනාධිපති වුහ යි දත යුතු.
එ වේලෙහි රජ්ජුරුවෝ ජීවකයන් කී පවත් අසා මාගේ මේ වාහන පසින් තොප කැමැති යම් වාහනයක් නැඟි කැමැති වාසලකින් කැමැති වේලෙක , සිත්සේ ඇවිදුවයි රකවල් අළහ. එ කල ජීවකයෝ ද කිප දවසක් එයින් කැමැති කැමැති වාහන නැගි ඒ ඒ වාසලින් වේලෙහි නො වේලෙහි ඔබමොබ ඇවිද නුවරවාසින් හා රජ්ජුරුවන් තමන් කෙරෙහි සැක හරවාගෙන එක් දවසක් නො එක් ඖෂධ භාවිත කොට බෙ‍ෙහත් තෙලක් කකාරා රන්තැටියෙන් ගෙන දේවයිනි! මේ බලවත් වු කෂායෙක , බැලිය නො හැක්ක, හිම්බ නො හැක්ක , එසේ කළෝතින් ඖෂධයෙහි වීය්ය්හර්‍ මඳ වෙයි, එසේ හෙයින් ඇස පිය‍ාගත මැනැවැයි කියාලා රජ්ජුරුවන් ඇස පියාගත් කල්හි රස නො බලා එක සස්මෙන් පුව මැනැවැයි බෙහෙක් අතට දුන්හ. රජ්ජුරුවෝද එක අතෙකින් නාසය මැඩ අල්වාගෙන බෙහෙත් මුඛයට දිගු කළහ.
එ කෙණෙහි ජීවකයෝ එ තැනින් පහව මෙසේ මෙසේවු වෙද බත් වෙද මාලුයෙන් රජ්ජුරුවන්ට ප්රමතිකාර කරවයි අභ්යබන්තරයන්ට කියාලා ඇත්හලට දිව ගොස් භද්රරවති නම් ඇතින්න නැඟි නුවරින් පිටත්ව සුළං වේගයෙන් රජගහානුවර දිසාවට දිවන්නාහු දහවල් බතට පනස් යොදුනක් ගොස් කොසබෑ නුවර ශාලාවකට වැද ඇතින්න සැත් උනා සැතපි හිඳ රජුගේ පනස් යොදනක් මේ ඇසිල්ලෙහි මා හඹා අවුත් අල්වා ගන්නා තරම් සේනාවෙක් නැත.එවත් නම් දාවායා එවති.ඇතු එවති, අසු එවති, වෙළඹ එවති, මා ඇග ඇතුන් පස්දෙනෙකුට බල ඇති හෙයින් ඔහු මා නො කැමැති කරවා ගෙන යා නොහෙති. ආ කෙනෙක් ඇත් නම් රජුගේ ඇතින්න පාවාදි යවමියි සිත සිතා මග බල බලා දහවල් බත් මෙ තැනදි කමියි සිත සිතා උන්හ.

එවේලෙහි රජ්ජුරුවෝ බෙහෙත් තෙල එක හුස්මෙන් බී තැල්ලක් නඟා තෙල් බවු දැන ජීවකයන් කෙරෙහි ඉතා මහත් වු-
චනොද්රු පණ්ණරසි -ඇතැම්.
-ක්රෝධ කොට සුළං දුටු ගිනිකඳක් සේ කිපි ජීවක යා මා විෂ තෙල් පොවාපිය, දැන් දක්මියෙමි, මා සතරා ගෙන උලඅන්වයි නියොග කෙළේය. එඩකෙණෙහි රජහුගේ අමාත්යොයෝ ජීවකයන් බලා නො දැක භද්රණවති ය නැඟි පලා ගියේ යයි අසා අවුත් දේවයෙනි! ජීවකයා පලා ගියේ වේ ද, තෙමේ මතු නො වෙයි. නුඹගේ භද්රහවති නම් ඇතින්න ද හැරගෙන ගියේ වේ දැයි කීහ.එ වේලෙහි රජ්ජුරුවෝ නැවත කිපි කාක නම් දාවයා කැඳවා, “කොල! දිව ගොස් ජීවකයාත් මාගේ ඇතින්න ත් වහා ම ගෙනවුත් පෑලයි කියා නියෝග කොට නැවත ජීවකයා නම් සොර, මහත් වු මායම් දන්ති, තා සලා මරාපියන් පොහොසත, ඔහු දුන් දෙයක් නො කයි උගන්වා යවුහ.
එ කෙණෙහි දාවයා පනස් යොදනක් දිව ගොස් කොසබෑ නුවර ශාලාවෙහි උන් ජීවකයන් දැක නුඹ නො හැර ගෙන යන්ට රජ්ජුරුවෝ කීහ, ආපස්සෙහි නික්මුණු මැනැවැයි කී ය. ජීවකයෝ ද එ වේලෙහි තමන් බල ඇති නියාවත් , නො කැමති කරවා ගෙන යා නොහෙන නියාවත් නො හගවා එබැවින් යහළු මා බඩසා ය, මා බත් කා පියන තෙක් මඳක් බලවයි කියාලා ඔහු අස්වසා බත් කන්නාහු තෙපි ද බත් කවයි කීහ. දාවයා තෙමේ රජහු කී බස් සිහි කොට මම බත් නො කමියි කීය. ජීවකයෝ ඔහු සිතැ සොරකම් ද දැන, “තොප සයින් ඉන්දදි මම බත් කෙසේ කම් ද, බත් නො කන බැවින් මේ අඹුලපත අනුභව කොට පැන්බොවයි කියාලා ඇඹුලපත නිය අගින් බෙහෙදක් ඔබා දුන්හ. හේතෙම හ් සොරකම නො දැන ඇඹුලයෙන් අර්ධයක් නා මුර්ජාව, තුබු අර්ධය බිම හෙළා තෙමේද බිම හී ජීවකයන් ගෙන යන්නා තබා තෙමේ තමා බවු නො දන්ති.
එ කල ජීනකයෝ සුවසේ ඉද බත් විඩා ත් නිවාගෙන ඇතින්නද පැන් පොවා ඇගේද විඩා සන්හිඳුවා දාවයා කරා ගොස් දරුව වැළි අප හැරගෙන නොයානැයිකිහ. එවේලෙහි දාවයා ඇස දල්වා ජීවකයන් බලා දොහොත් මුදුනෙහි තබා හිමි නුමගෙන යන්නා තබා මම මා ගෙන යා නො හෙමි, මා වැනි දාවයෙක් මේ මුව දඹදිවු තෙලෙහි නැත. මා වැන්යක්හු නොමරා දිවිරැක වදාල මැනැව, බල නුඹ කැමැත හොත් නුම හා කැටිව යෙමියි කීය. එවේලෙහි ජීවකයෝ සිනා සී බය නොකර , තා මිය යා නො දෙමියි ඔහු අස්වසා අනික් ඇඹුලපකක් ගෙන අනික් නිය අගෙකින් ඖෂධයක් ඔබා තෙලේ කා බලගැයි දුන්හ.
හේතෙමේ එයි ත් භය ඇති ව ජිවකයන් මුහුණ බලා සවාමිනි . ආදි කෑ ඇඹුලපකින් ඉස ඔසවා ගත නො හෙමි. මෙ විට නිබෝයින් ම පණ පලාන උපදෙසෙක් දැ යි භය ඇතියෙමියි කීය . ජිවකයෝ මා උපන් දවස් පටන් අද දක්වා ලෙහෙඩිල්ලකන් නො බින්දෙමි, මාගේ ප්රාදණ ය නස නස ත් නමුත් අනික් ප්රාබණයක් නො නසමි. භය නො කොට කා පලගැයි කීහ.
හේ තෙම ඒ ඇඹුල අනුභව කොට අමාදියෙහි ගැලුවා සේ ! සවප්නයෙන් දුටු දෙයක් සේ, කිසි පිඩාවකුත් නැති ව පැනැති සිනා සි මට කිසි නුසුවයෙකුත් නැත සවාමිනියි කිය. එ වෙ ලෙහි ඩිවකයෝ තෝ මතු නො වෙයි . තාගේ රජද මෙතෙකට ගොඩ නැංගේම ය. අද පටන් ඔහට ද කිසිවක් ලෙඩ නැත. ඔහු කරා මම නොයෙමි, කීප දවසක් ගිය කල මාගේ අරුම තාගේ රජහට ම දැනෙති , ඕ හට ද එපවත් කියාලයි උගන්වා ඇතින්න ද ඕහටම පාවා දි, ඔහු ආපස්සෙහි යවා , එකලාවම රජ ගහනුවර ගොස් රජ්ජුරුවන් දැක තමන් පිළියමි කළ පරිදිත් , අසා තොප ගැළවි ගියේ යෙහෙකැයි කියා තමන්ගේ ජීවකයන්ට ප්රවසාද දුන්හ.
මෙසේ ජීවකයන් එ නුවර වසන කල මාගේ සවාමිදරු වු තිලෝගුරු බුදුන් වහන්සේගේ ශ්රීඑ ශරිරයය ද කිසියම් ආබාධයෙක් වි ය, එ කල සවාමිදරුවෝ ජිවකයා ද කොට ආ ප්රායර්ථනාව සිද්ධ කොට ඔහු පුසිද්ධ කෙරෙමිසිතා ආයුෂ්මත් වු අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ආනන්ඳ ය! බුද්ධකායට ද කිසියම් ආබාධයක් ඇත, විරේචනයෙක් වි නමි යහපතැයි වදාළ සේක, අනඳ මහ තෙරුන් වහන්සේ ද බුදුනාගේ අදහස් දැන ජීවකයන් කැඳයා බුදුන්ට කිසියමි ආබාධයක් ඇත විරෙචනයෙක් කොට බලවයි කි සේක.
සිද්ධ කරණ සේක වනැයි ඉතා සන්තෝෂ වුවා හු නුවරට ගොස් අද බුදුන්ට විරේකව කරවම්යි රජ්ජුරුවන් ආදි වු ශ්ර්ධාවන්ත යන්ට කියල‍ා වෙහෙරට අවුදින් මනෙල් මල්තුනක් ගේන එහි නොයෙක් ඖෂධයන් ගල්වා බුදුන්ට ශ්රීද හස්තයට දි සවාමින්! මේ පළමුවන මල එකවාරයක් ආඝ්රාටණය කළ කල දශවාරයක් ව්රේක ව ශරීරයෙහි උග්ර වු දොෂපලා යෙයි. දෙවන මහනෙල් මල ආඝ්රාශණය කළ කල ද දශවාරයක් විරේක ව මධ්යලම වු දොෂයෙයි, පසු ව, තුන්වන මහනෙල්මල ආඝ්රාලණය කළ කල ද දශ වාරයක් විරෙක ව සියුම් වූ දෝෂ පලා යෙයිකියා මහනෙල්මල් තුන බුදුන් ශ්රීව හස්තයට පිළිගන්වා බෙහෙත් පිණිස ඉඹ වදාළ මැනැවැයි කප්පීය වචනයෙන් ආරාධනා කොට ආඝ්රාවණය කරවා සමතිස් වාරයක් විරේක කරවා බුදුන්ට ද අද්භූතවූ පිළියම් කළහ. එදවස් බුදුන්ට විරේකයක් කළහයි අසා අද බුදුන්ට සෙනග භොජන ය අප අපගෙන් දෙම්හයි අටළොස් කෙළක් පමණ කුලෙහි ශ්ර ද්ධාවන්තයෝ තමන් තමන්ගේ බලානුරූප වූ පරිද්දෙන් මහ දන් වතුරු කළහ.
එ වේලෙහි ආයුෂ්මත් වූ මුගලන් මහ තෙරුන් වහන්සේ බුද්ධකාය නම් ඉතා සු්කුමාර ය, සමතිස් විරෙචනයෙකින් අති පිරිසිදු වූ කයට රූක්ෂ වූ භොජනයෙක් සුදුසු නො වන්නේ ය, මෙ තෙක් දෙනාගේ භොජනයෙන් මාගේ බුදුන්ට තරම් වූ භොජනයෙක් නැත, අප වැනියන් නිවන් අමා වැළඳවූ බුදුන්ට කෙසේවූ භොජනයක් ගෙනෙම්දෝ හෝයි දිවසින් බලා මුළු දඹදිවු තෙලෙහි රජ- සිටු- බමුණු- වෙළෙඳ ශ්රිනවන්ත වූ චාතුර්විර්ණයන් අතුරෙන් කවරක්හු අනුභව කරන භොජනයෙක් උතුම් දෝ හෝයි දිවසින් බලා එම රජගහා නුවරට නුදුරු තැන චම්පා නම් නුවර කොළිවීස නම්වූ සෝණ සිිටාණන් අනුභව කරන්නා වූ සුවඳ හැල්සාලේ බත ඉතා උතුම, බුදුන්ට සුදුසු යයි දුටු සේක. කෙසේ වූ සුවඳ බතෙක් ද යත්?
ඒ සෝණ සිටාණෝ නම් ශ්රීවවන්ත කෙනෙකථ පවුරු අටලු නැති ව වීථි වාසල් සාදා තිබෙන දහස්ගණන් ගෙවල් ඇති මහගම් නියමි ගම් නම, එසේ වූ අසූදහසක් නියම් ගමට නායක යහ. ඒ සෝණ සිටාණෝ උපන් තැන් පටන් බිම පය නොගෑ කෙනෙක. කාරණ කිම යත්?
ඒ සිටාණන්ගේ ඉඟුල් පතක් වැනි වූ සුරක්ත වූ යටිපත්ලෙහි අතිනීල වූ රොමරාජි පෙළ පෙළ දී දක්ෂිණාවෘත්තව නැමී හිඟුල් පතෙක අඳුන් කැටෙකින් සිතියම් කළාසේ, රත්මලස්නෙක දිය මෙරලිය මල් පිදුවා සේ, රොමරාජින් විරාජමාන විය. මවුපියෝ ඒ සිටාණන්ගේ මේ ආශ්චය්ය්සර්‍ ය දැක පය බිම නො ගෑදී මහ පෙරහරින් වැඩූහ. දඹදිවුවාසි සත්ත්වයෝ එපවත් අසා තමන් තමන් අතුරෙහි විස්මයපත් ව සිංහල ද්වීපවාසී සත්ත්වයන් සමනොල දක්නට යන්නාසේ කැල බැඳ ගොස් සිටුපුත්රනයාණන්- ගේ යටිපත්ලෙහි ලොම් බලා කොට යන්නාහු ය.
සිටාණන් කොලු කෙළි කෙළිනා සමයෙහි කිසි අවකාශයෙක පය බිම හායි මවුයියෝ ඇතුළු අඬගණයෙහි ඒ ඒ තැන්හි බිම නො පෙනෙන සේ අනැගි වු පළසින් බුදුතුරුණු ලැවුහ. තවද: සිටාණන්ගේ සුවහස් ගණන් පරිවාර ජනයෝ ඇතියහ; සෙසු සිටුවරුන් සේ උන්ගේ ගෙයි පහරක් ගැසිමෙක් වේච යි වධයක් කිරිමෙක් වේව යි , දඟගෙයි ලීමෙක් ජනයන් භික්මවා ගනිද්ද යත්?
සිටාණෝ පිරිවරා ජනයන්ට උදහස් වෙත් නම් දැන් දක් පය බිමගා පියමියි එක්පයක් බිමට දිගුකෙරෙති . එකෙනෙහි සිටාණන්ගේ පිනිබලයෙන් සියලු ජනයෝ වෙවුලා පැන නැගෙති, හැමදෙනාට සියලග සැත් කමි කරන්නාසේ , හිස කුළු හෙළන්නාසේ , නො එක් වධ කරන්නාසේ . වැට ගෙයි ; එ කල ජනයෝ හිය් එතෙකින් පහව ගියම්හ. අපට වද නොකෙරුව මැනැවයි වැඳගෙන හෙවිති. එ වෙලෙහි සිටාණෝ පෝහෝ දෙනාගේ යාච්ඤාවෙන් පය ඇකයට භයා ගනිති . එ වේලෙහි සිට හැම දෙනාට ම උපන් පිඩා නැතිව භය සන්හිඳෙයි , එසේ හෙයින් ජනයෝ ශික්ෂිත වම කමාන්තත් තෙරෙති , පක්ෂලාතත් වෙති . මසේ වු තෙජසක් හා සම්පතක් කෙසේ වු පින් බලයෙකින් ලදුවාහු ද යත් ?
ඒ සිටාණෝ ගිය දවස වෙහෙරක් කරවා පසේ බුදු කෙනෙකුත් වහන්සේ වස් වස්වා නිරන්තරයෙන් උපථාන කරන්නාහු දවසෙක පසේබුදුන් සක්මන්ගෙයි සක්මන් කරන වේලෙහි පයට පිහිඩා මහත් සේ දැක අනැගිවු පිඩාවක් සක්මන් ගෙයි බුමුතුරුණු කොට ඇතුට ඒ මතුයෙහි සක්යන්කරවුහ. මෙසේ වු පින් බලයෙකින් , මේ ජාකියෙහි මේ සා මහත් සිටු සැපතක් ලදින් පස බිම හා නො පියන තරම් යට්පත්ලෙහි ලොම් නැගෙන තරම් මේ සා මහත් තේජසක් ඇතිවන තරමි ශ්රීැවන්ත වු කුලයෙක උපන්නාහු ය යි දත යුතු . වදාළේ මැනෝ:-

නත්ටී චිත්තෙ පසන්නම්හි - අල්ලකා නාම දක්ඛිණා,
නථාග‍තෙ වා සම්බුද්ධෙ - අථවා තස්ස සාවකෙ- යි.

තවද: එම සිටාණන් සිටාණන් සුවඳබත් කවන පරිදි කෙසේ ද යත් ? සොළොස් කිරියක් මානයෙහි කුඹුරු ලියදි අනුල්තල සේ තනා සිසාරා පවුරු බැඳ ආකාශයෙහි ලෝ දැලින් වසා කුඹුරු දරාඩයෙහි සිය දහස් ලක්ෂ ගණන් මහසැළි පිළිවෙළින් තනා කස්තුරර ජබාදු, උරුලෑතෙල් නපුරු සඳුන් ලමඟ කළුවැල් දෙවුදුරු යනාදි නො එත් සුවඳ පැනින් සැළවල් පුර පුරා ගේ වැඩු දවස් පටන් සෙසු පැනක් කුඹුරට වැදුද නො දි සුවඳ දියෙන් ම සැ කල්ල කොට වපුට දිය බැඳ ගොයමි පැසවන්නාහු ය. ඒ කෙත සිසාරා ඇවිද අඩු වැඩි පලා පිටත් වුගොවින් ඇඟ බවා සුවඳ ගන්නි. ගොයම් පැසුණු කල සෙසු සැටියෙහි ඇසව යෙති , සිටාණන්ගේ සියලු පරිවාරක ජනයෝ එකවිටම කෙතට වැදලා තරල් නියෙන් සිඳ එකී එකී අසුරක් පැගින් සොළොස් කිරියෙහි කරල් සිඳගෙන යෙති . එ කග සඳුන් දඩෙන් ගුළක් කරව ා සඳුන් පෝරු අතට ගළුපත්ලෙහි නන් ජාතියෙහි සුවඳරියන් උස අතුයට එතුයෙහි කරල් පෙළක . එ මත්යෙහි සුවඳ පෙළකැ යි යනාදි වශයෙන් ගුළවසල දක්වා ලුරා ගුළෙහි අගුළු ලෙන හස් ඔබා තුන් හවුරුද්දක් නොසොල්වා බා වී කරල් තසුවඳ කෑ කල ගුළෙහි දොර හරණාහුයත එ නෙණෙහි එ ගුළෙහි දොර හැරී ම හා සමඟ ඇතුළෙන් නිකුත් සුවඳ මුළු නුවර එක සුවඳ පිඩාක් සේ කෙරෙයි.
එ කල නුවර වාසි සත්ත්වයෝ මේ සුවඳ අසා සෝණ සිටාණන්ගේ සුවඳ කරල් ගුළ අද දෙර හළ වන්නැයි ගෙයි ගෙයි හිඳ කියති . එ දවස් පටන් දවසින් දවස සිටාණන්ගේ අනුභවය ට ව්වර සුවද කරල් ගෙන සඳුන් පුවරු එබු බිම් වළෙක දී මැඩ සඳුන් මොලිවන් පෑර සඳුන් වනෙක දි පැස කුඩු නො හැර දිමුතු මුතු සේ සහල් කෙරෙති . එකල ධුරුතයෝ දවහෙයි හ‍ා කුඩු ගෙන සළදායෙහි ලා අඹරා සියලග ගල්වා උත්සව තෙළි කෙළි ති . එසේ පැසගත් සුන්සාහල් අවුලා ගෙන සුවද පැනින් සත් අට වාරයක් දෙව්න් ගෙන නවමු භාජනයක බහ‍ා උදුන නගා සුවස දරින් ඒ බත් පිසන්නාහු ය. එ තරම් සුගන්ධමය වු සුපව්ය ඤ්ජනයෙද් සිටාණන් බත් කවන්නා හුය. එක් වේලෙක අනුභව කරන භොජන යම ලක්ෂයක් අගනේය. මෙසේ වු ආහාර සම්පත්තියක් පෙැර පසේ බුදුන් වස් වස්සවා ප්රවසන්න වු සිතින් දවසින් දවස ඇදහිලි ඇති වු දුන් දාන සමිපත්තින් ම තදහ. යි දතයුතු.
එ කල ආයුෂ්මත් වු මුගලන් මහයතරුන් වහක්සේ සිටාණන්ගේ මේ භොජන ය දැක ඔහු කරා ගොස් ඒ බස් ගෙනෙමියි සිතා එ කෙනෙහා සිවුරු වැළඳ පාත්රගය ධාරා , වක් කළ අතක් දික් නොකරන ඇසිල්ලෙහි රජගහා නුවරින් චම්පා නුවරට වැඩ සිටාණන්ගේ සඳල්ලෙහි සඳවලාපටලයෙකින් වැ සු ම් ගද ඉන්ද්ර නිලමණි පවතයක්සේ සියලඟාන් නිලරශ්මි විහිද විහිදා වැඩ පස්වනක් ප්රීකතින් පිනා වැඳ පාත්රරය ගෙන තෙරුන් වහන්සේ වඩා හිඳුවා තමන්ට සපයා තුබු යටකි සුවඳහැල් සාලේ බතින් පාත්ර ය පුරා අතට පිළිගැන්වු හ. තෙරුන්වහන්සේ ගමනා කර දක්වා අප බුදුහු අද විරේචනයකින් පිළියමක් ලදසේක , එහසේ හෙයින් බුදුන් උදෙසා සිඟා ආමිහයි වදාළ සේක.
සිටාණෝ එ පවත් අසා ඉතා සන්තෝෂව සවාම්නි! මා ගළවා නුඹවහන්සේට දුන් භොජන ය නුඹවහන්සේ ම වළදා වදාළ මැනැව බුදුන්ට ද මාගෙන්ම දන් යවමියි කියා ඔබ එ බත වළඳවා නැවත පාත්රෙය ශොධා , සුවඳපැනින් පිරිසිදු කොට එම සුවඳ බතින් පාත්රධ ය පුරා මේ බත මාගේ ආරාධනාවෙන් පුදුන් වළඳවාලුව මැනවැයි කියා තෙරුන් වහන්සේට පාත්රවය දුන්හ. එ වේලෙහි තෙර්න් වහන්සේ ද සිටාණන් බල බලා සිටිය දීම ආකාශයට පැන නැගි වේළුවනාරාමයව වැඩ පාත්රිය බුදුන් ශ්රීප හස්තයට පිළිගැන්වු සේක.
එ වෙලෙහි බිම්බිසාර රජ්ජුරුවෝ ස අද විරෙචන දිවයෙහි මාගේ බුදුහු කෙසේ වු භොජනයක් වළඳනා සේක් දෝ හෝයි තමන්ට පිසු රාජභොජනයෙන් නිමන්ත්රහණය කෙරෙමි යි සිතා වෙහෙරට ගොස් බුදුන් ළග සිටියාහු එ බත් පාත්රමයෙහි පිධාන ය හැරිම හා සමඟම සියලු වෙහෙර ආරාමයෙහි සුවඳ අමා බස්නට පටන්ගත් කල රජ්ජුරුවෝ විසමයපත්ව මුගලන් මහනෙරුන් වහන්සේ මුහුණ බලා සවාමිනි ! මේ මිනිස් ලොව බ තෙක් නො වෙයි , ශක්ර භවනයට වැඩිසේක් ද, නොහෙ‍ාත් උතුරුකුරු දිවයිනට වැඩිසේක්දයි විචාරා තමන්ගේ රාජභොජන ය බුදුන් වළඳාවම් යි අවුත් බුදුන්ට උපන්ි භොජනයෙහි තෘෂ්ණා බැන්දහ.
බුදුහු රජ්ජුරුවන්ගේ අදහස් දැන මහර! දිව්යත භොජන යෙකු ත් නො වෙයි , උතුරුකුරු දිවයිනෙන් ගෙනා බතෙකුත් නො වෙයි. මනුෂ්යු භොජනයෙක් ම ය. තොපගේ චම්පා නම් නුවරට . තොපට ම මෙ වක සේවක වු සෝණසිටාණන් දවස් පතා අනුභව කරන බත්වේ දැ යි වදාරා ඒ සිටාණන්ගේ ශ්රී මත් කමි හ‍ා ඔවුන්ගේ පත්ලෙහි ලොම් ඇති නියාව හා ඔවුන්ගේ
එක් පින්බල වදාරා මහරජ ! මෙ වැනි බතක් තොප ත් අන අනුභව කළවිරූ නැත, තෙපිත් අනුභව කරවයි වදාරා රජ්ජුරුවන්ට ත් දෙවා , බුදුහු එ බත් වළඳා වදළ සේක.
කුමක් නිසා බුදුහු උපාසක ධමීයෙහි පිහිටියා වු රජ හට බත් දෙවා වදාළ සේක් ද යත්? මතු වන ලෝවැඩක් උදෙසා ම රජ්ජුරුවන් බත් කැවු සේක. කෙසේ වු ලෝවැඩෙක් ද යත් ? රජ්ජුරුවෝ මෙ බතෙහි රස දැන විස්මයපත් වුවාහු සිටාණන් පත්ලෙහි ලොම් දක්නා නිසා සිටිණන් දක්නා කැමැතියෙමිකියා යවති , එ කල ඒ සෝණසිටාණෝ අස්දහසක් පමණ නියම් ගම් වැසියන් ගෙන රන්සිව් ගෙයෙකින් අවුත් රජ්ජුරුවන් දකිති , එ කල රජ්ජුරුවෝ උන් පත්ලෙහි ලොම් ආදි වු ආශ්චය්යී හා රූපලීලායෙහි පැහැද තුමු මෙ ලොවින් අනුශාසනා කොට පරලෝ වැඩ නිසා ගෙස් බුදුන් දකුවයි කියති , එ කල සිටාණෝ අසුදහක් ජනයන් හා සමග අවුත් මා දැක බණ අසා සෝවාන් ව, ඒ සා මහත් සිටු සැපත් හැර මා කෙරේ මහණ ව, අමාමහ නිවන්දැක, සෝණ නම් මහතෙර ව, බුද්ධශාසන නමැති ශ්රීහ නගරයෙහි නැඟු ජය කේතුවක් සේ , ඉතා ප්රනසිද්ධ වන්නාහු යයි මෙසේ වු ලෝවැඩක් දැක බුදුහු ඒ භොජනයෙන් රජට සංග්රරහ කළ සේක යි දතයුතු.
එ දවස් බුදුන් වැළඳු අන්තයෙහි ජීවකයෝ ද බුදුන් කෙරෙහි අතිල්රවසන්න වු වා හු අනැගි වු සිවෙය්ය් ශාටකයෙන් බුදුන් පිදුහ. ඒ කෙසේ වු වසත්රවයෙක් ද යත් ? සිවි රට ස්ත්රිහ පුළුල් රල් ත්නින් ත්න බදා මකුළුහු සේ ඉතා සුක්ෂ්ම වු හු කටිනාහ. ඒ හු යින් වියක ලද සළු කෙහෙල් ගොබ් සේ සියුම් පහස් ඇති ව මිනිස්ලොවින් ඉතා මාහැගි වෙයි , එයි දු සීවෙය්යි ශාටක නම . මේ වනාහි එසේවු සළුවෙකු ත් නො වෙයි , උකුරුකුරු දිව කප්රුකින් උපන්නා වු දිව සළුවෙක, සිවටීකා නම් අමු සොහොනෙන් උපන් සළුව හෙයින් සිවෙය්යස ශාටක නම් වි ය. එ හි පිළිවෙළ කථාව මෙසේ දතයුතු:-
ඒ උතුරු කුරු දිවයින නමි අයමින් විකරින් අටදහසක් යොදුන් පමණ මහිමණ්ඩයක් ඇත්තේය, සිසාරා සුවිසි දහසක් යෙිදුන් පමණ ඇත්තේ ය. ඒ සා මහත් භුමි මණ්ඩලයෙහි වළෙකුදු නැත, ගොඩෙකුදු නැත, පවතයෙකු දු නැත. ගසෙකු දු නැත. වැලෙකු දු නැත, දිමුතු මුතුතලාවක් බඳු වු පරිශුද්ධ වු වාලුකාර‍ාමයෙන් ම ගැ වසි ගත්තේ යත සකසා හැමැඳි බෝමළුවක් සේ දර්පන භිත්තියක් සේ, නිෂ්කලඩ්ක ව හැමදාම තිබෙන්නේය.
එහි මධ්‍ය යෙන් පැනනැඟි : කඳබොල පස් යොදුන්, පසළොස් යොදුන් වටඇති . පනස් යොදුන් උස කඳ ඇති , පනස් පනස් යොදුන් උස ශාඛා පසක් ඇති සියක් යොදුන් ෑස ඇති. නුන් සියක් යොදුන් වට ශාඛා පඩ්ක්තිව් විරාජමාන ව ශ්රීන මත් වු මහා කල්පවෘක්ෂ රාජයා පිහිටියේ ය. එ රුක විළිකුත් පත් නම් දිව්ය්මය වු . රන්වන් වු වස්තු සමුහයෝ ම ය. පල්ලවයෝ වම් සුරක්ත වු දිව්යු වස්ත්ර සමුහයෝ ම ය. ඒ ඒ තන්හි දිලියෙන අනෙකවර්ණවු දිව්ය වස්ත්ර යෝ මෙතෙකැ යි ගණන් නැත. ඒ රුක අඩ්කුරයෝ නම් ප්රෙවාලලොහිඩ්කාදි දිව්ය රත්න සමුහයෝ මය. ඒ රුක ඵල නම් ලුවා මුතුමැණික් ආදි වු නවරුවන් ම ය. එ කප්රුකෙහි මැවී තිපබන්නා වු දිව්ය සම්පත් එතක මුඛයෙනින් තබා සියක්- දහසක් - ලක්ෂයක් මුඛ මවා ගෙනත් කියා නිමවා ගත නො හැක්කේ මය. එහි සත්ත්වයන් මේ ලොකයෙහි යම් සම්පත්ක් උව මැනැවැ යි සිතාලා කප්රුකට අත දිගු කරන පෙම්බර මවක සේ , තප්රුකින් ශාඛ‍ාවෙක් ඔහු කරා දිව අතට සිතු සැපතක් දිලා ,නැවත තොස් සවකිය සථානයෙහි ම සිට ගන්නි.
ඒ සා දුවිප ය මුළුල්ලෙහි සත්වයෝ පුජාමළුවට රැසව ලහනව ව සිටිනා මහ පිරිසක් සේ කප්රුක සිසාරා අතුරු නො දිම වාස ය කෙරෙති . එ තෙක් සත්ත්වයන් අතුරෙන් කෘෂි වණික් ආදි වු කමාන්ත කරන කෙනෙක් . බඩ නිසා දුක් ගන්නා කෙනෙක් නැත. ගෙයක් ැදාරක් නැඟිමෙක් පුත්රනදාරාදි බන්ධු ව්යනසනයක් විඳිනා කොිනකුදු නැත. ව්‍යාධියෙන් පෙළෙන කෙනෙතුදු නැත. ඔහුනොවුනු හා සංග්රා මයක් කරන කෙනෙකු දු නැත . ඔවුනොවුන් කෙරෙහි ආක්රො‍ශ පරිබවයක් කරන කෙනෙකුදු නැත. ස්ත්රීෙ පුරුෂයන්ගේ කලහාව්යුවහ‍ාරයෙකුදු නැත. තවද දිව්ය ලොකයෙහි දෙවියන්ගේ කප්රුක නිසා දෙවඟනන් නිසා කලහා ඇතියේ මය, මෙ උතුරුකුරු දිව වනාහි එසේ වු කලහයෙකු දුනැත. එසේ හෙයින් ඒ දිවයින දෙවුලොවට ත් වඩන්නේ ම ය යි දතයුතු.
තවද : ඒ ද්විපයෙහි අනික් ආශ්චය්යීදයෙකු දු ඇත. ඒ කවර ‍යත් ? ලෝකයෙහි සත්ත්වයන් සුව විඳිනේ ප්රාුසාද නගර දෙරටු අටලු උද්යා න පැන පොකුණු ආදි වු සම්පත් නිසා ම ය ග ඒ ද්විපයෙහි ප්රා සාදයෙකුත් නැත. පවුරෙක් අමුලුලක් නුවරෙක් අගලෙක් පුෂ්පාරාම ඵලාරාම යෙක් පුෂ්කරණියෙක් කිසිදෙනකුත් නැත. එ සේ කල මනුෂ්යණයෝ කෙසේ වු සුව විඳිද් ද යත් ? පොද පින්දුවකුත් ආකාශයෙන් හී ඔවුන් නො තෙමන හෙයිනු ත් සුවඳ මඳපවනක් මුත් සුළං ශිතපිඩාවක් තමා ම නැති හෙයිනුත් ගෙවලිනු දු ප්රපයෝජන නැත . සතුරන් නැති හෙයින් පවුරු අටලු අගල පදනමින් ප්රනයෝජන නැත සිතු සිතු මල් ඵලාදි තප්රුකින් ම ලැබෙන් හෙයින් උද්යා නවලිනුත් දු ප්රලයෝජන නැන . සිතු සිතු විට උදක නිර්මිත වන හෙයින් පැන්පොකුණු වලිනු ද ප්රැයෝජන නැත . වැළි නුවර නම් කවරේ ද යත් ? ඒ ද්විබය සිසාරා සිටියා වු සවර්ණණ සාගරය ම පවුරෙ නම , තව ද ඒ සා ද්ව්පය ම්ළුල්ලෙහි අහස් වියනක් බැන්දා සේ , වලාපටයෙක් සිටගෙන ගෙපළයක් සේ , සත්ත්වයන්න්ට වැසි සුළං අවු පිඩා විය නො දෙයි, ඒසේ හෙයින් ඒස්විපය එක මගුල්ගෙයක් වැන්න, වැසි වස්නා කල ආකාශයෙහි යොදුනක් පමණ කැන වැසි වැස ගෙිස් පොදබින්දුවකු ත් ජනයන් ඇග නොහෙළා මුහුදම වැගිරෙයි . මභිධුමයන් ආදි වු හිමයෙනු දු වන පීඩාවෙක් නැත . සිංහ ව්යාුඝ්ර නා පොළොං මැසි මදුරුවන් ආදි වු සතුන්ගෙන් වන පීඩාවෙකු දු නැත.
තව ද: එක් ආශ්චය්යොයෙකු දු ඇත. ඒ තෙක් සත්ත්වසමුහයා අතුරෙන් මු අසවලුන් පුත්රශයහ, අසවලුන් නැඟණියහ, අසවලුන් මෑණියහ. අසවලුන් පියාණහ යනාදීන් වෙනස් වු ව්යලයහාරයෙකුදු නැත , මොහු මාගේ භාය්යාසවයහ, මොහු මාගේ පුත්රණයහ යි එත ප්රේ මයකු දු නැත. හැමදෙන ම ඔහුනොවුනට මවුන්. වැනියහ, පියන් වැනියහ, සහෝදරයන් වැනි යහ. කල්යාහණ මිතුයන් වැනියහ. එසේ හෙයින් ඔවුනොවුන් කෙරෙහි සම වු මෛත්රය ය ඇතියහ. උපන් දවස් පටන් අඛණ්ඩකොට රක්ෂා කරන්නා වු පන්සිල් ඇතියහ.
ඒ සා ද්විපය මුළුල්ලෙහි ඒ ඒ දිග්හි අතුරු නැතිව පෙළ පෙළ දිදි දිව්ය්මය වු ඛාද්ය භොජ්යර මැවි තිබෙයි , දිව්යමමය වු වස්ත්රාිභරණ මැවි තිබෙයි , දිව්ය භරණයෙන් සමලංකෘත වු දෙවුලොව දෙවඟනන්ට අපහාස කරන්නාක් වැනි වු උත්තම සුත්රීඟ සිය -දහස් ලක්ෂ ගණන ඒ ඒ තැන්හි කැල බැඳ සිටිනාහු ය. යන නාහු ය. එන්නාහු ය. කන කාහු ය. බොන්නා හුය, නටන්නා හුය. ගී කියන්නා හු ය ඔවුනොවුන් අක් වැල් බැඳ ඒ ඒ තැන්හි සිට පුසඹු කෙළිණා හු ය. එ තල දිව්ය මය වු වස්ත්රා භරණයෙන්සමලඩ්කෘ. වු දිව්ය භටයන් බඳු වු පුරුෂයෝ ද, සිය- සහස් - ලක්ෂගණන් දෙන ඔවුනොවුන් හා අත් වැල් බැඳ ඒ ඒ දිග්හි දිවාරාත්රීෙයෙහි උත්සව කෙළි කෙළ ම ඇවිදිනා හු මය.
මෙසේ ක්‍රීඩාවෙන් මත්ව ඇවිදිනා කල මළම්ත්‍රී වහනය කරම් හ යි සිතු නමි ඔවු‍න්ගේ පින්බලයෙන් එ කෙරෙහි නිල් වලා පටලයෙක් දි අවුදින් ඔහු සිසාරා වසා සිටගනිති . එ කෙණෙහි පොළව දෙකක් ව පාළි වළෙක් පෙනි යෙයි. එහි මතමුත්‍ර වහනය කළ කල නැවත එ වළ අන්තර්ධානව පස්පියුම් විලෙක් මැවී යෙයි. එහි උදක කෘත්‍ය ය ‍කොට අභප්‍රාවය ඇත්තේ වි නමි බැස ජලස්නානය කොට කැමති කැමති මල් බිද පැලඳි කල්හි ඒ විල ද අන්කර්ධාන වෙයි .එකල පොළොව පළා නැඟි නාගමානවකයන් සේ නිමල ව සිමිනාහු ය.
නැවත බත් අනුභව කරම් හ යි සිතු කල්හි ඒ ඒ තන්හි සරහා තිබෙන දිව්යිභොජනයක් අනුභව කරන්නා හු ය. කය සතපම් හ යි සිතු කල්හි දුටු යම් දිවයහනයකට නැගි කය සතපන්නාහු ය. හිඳුම්හ යි සිතු කල්හි දුටු යම් දිව්යායසනයෙක හිඳනාහු ය. කාමයක් අවුභව කරම්හ යි සිතු කල් සුටු යම් සුත්රී යක හා සමග කාමාස්වාදය විඳිනාහු ය. එහි වෙනසක් නමි රතිකාලයෙහි මවුන් දුටු කල යවුන් තනයෙන් ත්ෂිරධාරාවෝ නික්මෙති . එ කල ඒ සළතුණෙන් මොහු අප මෑණියහ යි හැඳින වැද පුදා ක්ෂමා කරවා යෙති . පියන් කරා දුන් පැමිණි කල්හි පියන්ගේ තනයෙනු දු ක්ෂිර ධාරාවෝ නික්මෙති. එ ස ලතුණෙන් අප දියනණියහ යි හරිති. ගර්භිනී ස්නුීන් ක්රීයඩාවෙන් යන කල්හි ගර්භ චලනය වි නමි එ කෙනෙහි දිවයහන් කරා එළඔ ධමිකරනයෙහි දියත්තක් සේ , අතු තුබු මැණිකක් යහනෙහි ලා කිසි කුණාපයකු ත් නැතිව තමන් යන ගමන් ගොස් පෙර සේ ම කෙළෙනාහු මය. පසුව අනික් ස්ත්රි්යක් එ දරුවන් නාවා යෙයි. අනිකත් තෙල් ගා යෙයි , අනිතත් මල් පළඳවා යෙයි . අන්තත් සුවඳවිලෙව්න් ගල්වා යෙයි. අනිකක් එ දරුවන් නලවා යෙයි. අනික්ක වඩාගෙන සිඹ සනහා කිරි පොවා තනතුරෙහි නිඳි ගන්වා යෙයි. අනිත්ත රැව ගියේ නම් එ දරුවන් බඩ දි නළව නළවා සැතපෙන්නීය මෙසේ එත දරුවන් කෙරෙහි හැම ස්න්රීිම සමමෙත් ඇති ව මාතෘ ධමියෙන් ෂොෂ්යරය කරන හෙයින් වැදු මෑණියෝ - පියාණෝ තමන් වැදු දරුවන් බවත් නො දන්නාහ. දරුවෝ ද වැදු මවුන් පියන් කවුරුන් බවත් නො දන්නාහ. මෙසේ කියා නිමවා ගත නොහැකි දිව්ය මය වු සම්පත් මඅනුභව කරන්නාහ. ඔවුනොවුන් සෙරෙහි සම වඇති මෛත්රීඅ බලයෙන් හා අඛණ්ඩ වු පඤ්චාශීලයාගේ බලයෙන් හා , ඒ උතුරුකුරුදිව උපන්නාහු ස්න්රී පුරුෂයෝ හැම දෙන ම, හැම කාලයෙහිම , අඩුවැඩි නැති ව ජරා විලි පිලි නැති ව, රොග ව්යයසන නැති ව, දහසක් හවුරුදු ම ජීවත් වන්නාහ.
දහසක් හවුරුද්දෙන් ස්ත්රීව පුරුෂයන් කාළක්රි.යා කල කල ගිනි දර ය යි යන ව්යවවහාර ඒ ද්විපයෙහි නැති හෙයින් මිනි දැවිම් දු නැත. වැළි තුමක් කෙරෙද් ද යත්? මළවුන් සියලඟ නො පෙනෙන සේ දිව්යා භරණයෙන් සරහා කල්රුකින් උපන් දිවසළු හඳවා , දිවසළුවෙකින් වස, රන්සිවිගෙන් මහපෙරහරින් ගෙන ගොස් අමුසොහොනෙහි තබා එති , එ කල ඉතා මහත්වු ඇතුන් පවා ගසා ගෙන පලා යන තරම් ඇත්ගිජු ලිහිණියෝ ය යි යන හිමාගයෙහි වසන පක්ෂිජාතියෙක් ඒ මීනී ගනගොස් මහමුහුදු මැද යුගන්ධරාදි පවත මුදුනුහි ද, හිමාලය පවතයෙහි ද. ඒ ඒ තැන්හි හිඳ මස් කා ඇටසැකිලි ඒ ඒ තන්හි හෙළන්නා හුය.
එසේ ම මිණියක් ලිහිණියෙක් ගෙන ආකාශයෙන් හිමාල ය බලා යන කල්හි උතුරු සළු දෙකෙක් දඹදිවට නුදුරු වු මහ වනයෙක වැටී ගිය. එ කල ඒ සළුදෙක යට කි චණ්ඩප්රවද්යො ත රජ්ජුරුවන්ගෙන් විජිතයෙහි වැද්දෝ වනයෙහි තුබුවා දැක අනඟි වු වස්ත්රෙජාතියෙකැයි ගෙන වුත් තමන් රජ හට පාවා දුන්හ . රජ්ජුරුවෝ එ සළු දෙක බලා අග ය කරවා . ලක්ෂයක්- කොටියක් පමණට ත් එම වඩනා සේ මුළු දඹදිව සියලු රජුන්ගේ සළුපිලි එක්තළත් එ ම වඩනා සේ දැක . මෙ වැනි අනැඟි වු වස්ත්රතයෙක් කවුරුන්ට තරම් දෝයි කල්පනා කරන්නාහු ජිවකයන් සිහිකොට ජිවකයෝ නම් මා දිවි රැක දුව් යහළුවහ, තමන්ගේ ජිවිතයට ත් නො සිතා තමා ගේ ජිවිතය රැක දුන් හෙයින් මට කල්යාොණ මිත්රියහ, නො එක් වාරයෙහි මා විසින් කැඳවා යවතු දු මා කල නුගුණ සිතා මා කරා නො එන්නාහ. ඉදින් අවු නම් මාගේ රාජ්යුයෙන් අර්ධයක් දෙදි ද ය. ඔවුන් නො එන බැවින් මේ අනනැගි වු දිවසළු දෙක අන් කරා යවමියි සිතා නො එක් රන් රුවන් ඇතුළු වු බඩුරු බිමිසර රජ්ජුරුවන්ට යවා ඒ ශාටක යුග්මය ප්ර ධාන වු නො එක් සම්පත් ජීවකයන්ට යවුහ.
ජිවකයෝ ඒ ශාටකය යුග්ම ය බලා ඉතා මාහැඟි සේ ලදැක මේ අනිකක්හට තරම් වස්තුයෙක් නො වෙයි. ලොවුතුරු බුදුන්ට ම පුජාවට තරවමැයි සිත‍ා බුදුන්ට තමන් විරෙචන ය කැ රවු දවස් සෝණ සිටාණන්ගේ ගෙනා සුවඳ හැල්බත වැළදු අන්තයෙහි ඒ ශිටක යුග්ම ය ගෙන ගොස් බුදුන්ට ශ්රී පාදමුලයෙහි පුද්ර සවාමි දරුවු බුදුරජණෙනි! නුඹගේ ප්රපථම බොධියෙහි ලටන් මෙ වකට විසි අවුරුද්දෙක් අනික්රා්න්ත වියත . මෙතුවක් කල් මුළුල්ලෙහි නුඹ වහන්සේ සියලු භික්ෂාගණයා ම පාංශුකුල විවර ධාරිහ, අද දක්වා ගෘහපනි විවරයක් පිළිගන්නා භික්ෂින් කෙනෙක් නැත. අනාගතයෙහි ත් එසේ ම පවති නම් ශ්රෙද්ධාවන්ත වු බොහෝ සත්ත්වයෝ තමන් තමන්ගේ භොග පමණීණෟ ළධ උතුම් වු වස්ත්රගදානය දි බොහෝ පින් රුස් කොට ගත නො හෙන්නාහ. පොහෝ දෙනාට වන ලෝ වැඩත් නිසා නුඹවහන්සේගේ ශ්රිහමත් කුලෙන් මහණ වු සඩ්ඝයාට ඵාසු ත් නිසා, මට ම අනුග්රුහ ත් නිසා, මාගේ මේ අනඝී වු සළුසඟළ නුඹවහන්සේ පිළිගෙන මෙයින් මත්තෙහි ගැහපති චිවරය භික්ෂුණු ත් පිළිගන්නා පරිද්දෙන් ශික්ෂාපදයක් පනවම්යි යන වරයෙකින් ගැත්තවුට මේ පිළියම කළ තැනට ප්රිසාදයක් දී වදාළ මැනැවියිආරාධනා කළහ.
එ වේලෙහි සවාමිදරුවෝ ජිවකයන් කි පවක් අසා සකාරණ සේ දැක මාගේ ශාසන ය රූක්ෂ පුතිපත්තියෙන් ම. එකාකාර යෙන් ම, පවති නම් බෝහෝ කාලයක් නොපවත්නේය, තමන් තමන් බලානුරුප වු පරිද්දෙන් ශ්රාතවකයෝ ප්ර්තිපත්ති පුරත් නම් මාගේ ශාසන ය බොහෝ කලක් පවසන්නේ යයි යි සිතා බොහෝ ශ්රමඩාවන්තයෝ ත් ගැළවෙන්නාහු ම යයි සිතා ලෝක ශාසන දෙක්හි උපන් මහ කුළුණු ඇති ව එ වේලෙහි භික්ෂුගණයා රැස්කොට තමන්වහනසේ ඒ සාට ක යුග්ම ය පිළිගෙන අන්ජාවාමි භික්ඛවෙ ගහපති වීචරං. යො ඉච්ජති පංසුකූලිකො හෙතු, යො ඉච්ජති ගහපති වීචරං සාදියතුඉතරිතරෙනපහං භික්ඛවෙ සන්තුට්ඨං වණ්ණෙමියි පාළි වදාරා ගෘහපති වීචරය පිළිගන්නා පරිද්දෙන් ශික්ෂාපද පනවා එ වේලෙහි ජිවකයෝ බුදුන් අතින් වරලද සන්තෝෂයෙන් පින පිනා බණ අසන්නාහු යෙළ දහසක් කෙලෙසුන් නසා දහසක් නයින් පිරුණාවු සෝවාන්ඵලයට පැමිණියහ. සිවටීකායෙන් උපන් ශාටක හෙයින් ඒ සළුසඟළ සිවෙය්යය ශාටක නම් විය.
බුදුහු එ වෙලෙහි මෙයින් මතු බොහෝ ශ්ර ඩාවන්තයෝ මාගේ ශ්රා්වකයන්ට අනැඟ වු බෝහෝ වු වස්ත්රතදානය ත් දෙන්නාහු ය. ඒ වස්ත්රුයන් නිසා මතු සොරුන් - සතුරන්ගෙන් මාගේ භිකිෂුන්ට බොහෝ උපද්රවව වනනේ ය. ශ්රා වකයන් ඒ උපද්ර8වයෙනු දු ගොඩනඟා සඩ්ඝයාට ශ්ර මණසාරුප්ය වන පරිද්දෙන් අනැඟි වු පිළි අගය නැති වන සේ , ගිහි පුද්ගලයන්ට පුයෝජන නො වන සේ . කපා කිරිම් විවර ව්යංසවහාරයක් උපදවමි යි සිතා අනඳ මහ තෙරුන් වහන්සේ බණවා, ඒ ශාටක යුත්ම ය ඔබ අතට දි ආනන්දය! කිඹුල්වත් ලුරයෙහි කුඹුරු බලහැයි වදාළ සේක.
එ වේලෙහි අනඳ මහ තෙරුන්වහන්සේ පෙර තමන් වහන්සේ බුදුන්ගේ අදහස් දන්මි යි ප්‍රාර්ථනාකොට කප්ලක්ෂයක් පැරුම් පුරා ආ මහා පුඥ ඇති හෙයින් බුදුන් වදාළ එකවචන මාත්‍රාවෙන් බුදුන්ගේ අදහස් සකසා දැන ඒ ශාටක යුග්මය හස් කපා හැර මැඩිලි තිසක් පොලු ගෙන ඒ තිස් පස් අක්තක් කෙට ඒ අතුපස එක්තොට කපා කරණ ලක්ෂණය කිඹුල්වත කුඹුරු වු නියාවට ම උපදවාලා බුදුන් සිතු සැසියේ ම සඟළ සිවුරු නිමවා කිණිහිරි මලක් සේ රඳා බුදුන් ශ්රී හස්තයට දුන් සේක. බුදුන් අදහස් නො වැරදි සේ දැන සාධු සාධු ආනන්ද ය! බුදුන් අදහස් දැන්මෙහි අග්ර යෙහි ය ඔබට ස්තුති වදාරා මෙයින් මතු මාගේ භික්ෂු නුදු කුන්සිවුරත් මෙසේ ම කපා කොටා වළඳන්නේ යයි නියො ග කළ සේක. එ කැන් පටන් සිවුරු කපා කිරිම් ව්යොවහාර උපණ.
එ කැන් පටන් ජිවකයෝ බුදුන්කෙරේ අතිපුසන්නවුවාහු අවල වු ශ්‍රේධාවෙහි පිහිටියාහු මෙතැන් පමන් මාගේ බුදුන් දවස දවස කුන්වාරයක් දුටමැනව, මාගේ වාසයට වේළුවනාරාමයට ඉතාදුර මාගේ අඹවන ය ඉතා ළඟ ය. රම්යයය, සිත්කලුය. එයිදු බුදුනට පිළිගන්වමියි සිතා උයන සිසාරා අටලොරියන් මහපවුරෙන් සුරක්ෂිතකොට වාසල් මණ්ඩප පැණ්පොකුණු රාත්රිෙසථාන- සිවාසථාන- චංක්රරමණථාන - ගන්ධකුටිය- ධම්මණ්ඩලාදි සියලු කර්මාන්තයෙන් දිව්යොපද්යාකවයක් සේ සරහා බිම්සර රජ්ජුරුවන් ආදි වු එ නුවර අටලොස් තෙළක් මනුෂ්යබයන් හැමදෙනා හා සමඟ මහත් වලුජාකොට බුදුන් ප්රෂධානව එක්දහස් දෙසිය පනස් මහ රහතන්ට අඹ උයන පිළිගන්වා සත්දහසක් මුළුල්ලෙහි අප්රහමාණ ව්රළ පුජා කොට පින් රැස් කරන්නාහු තමන්ලේප ධන පමණින් ම බුදුන් පිදුහ.
මෙසේ මේ එක කථාවෙහි දක්වන ගද අසාධාරණ විරෙචන ලුකිකාර පුජා ය. අටළොස් තෙළත් සත්ත්වයන් තමන් තමන්ගේ භොග පමණින් එ දවස් කළ ආමිශදානපුජා ය. බිම්බිසාර රජහු, කළ අග්රදභොජන පුජා ය, සෝණ සිටාණන්ගේ ලද සුගන්ධ ශාලි භොජන පුජාය, එම සිටාණන් අසුදහසක් හා සමග සෝවාන් වු දහස් පටන් සිටුසම්පන්කීන් කළ පුජා ය. ඔවුන් ම සසුන් වැද මහණ ව අමාමහබ නිවන් දැක්මෙන් කළාවු ජීවිකාන්ක ලුතිපත්ති පුජා ය. ජිවකයන් අනැගි වු ශාටක යුග්මයෙන් කළ පුජා ය. ඔවුන් ම සෝවාන් ව දිවිපමණින් කළසම්යයක් ප්රදතිලත්ති පුජා ය, ඔවුන් ම තමන් තමන්ගේ භොග පමණින් බුදුන් පුදා අටලොස් කෙළක් මනුෂ්යඔයන් හා සමග සත් දවසක් ප්රොබන්ධයෙන් කළ‍ා වු ජිවකාරාම පුජා ය යි මෙසේසත්ත්වයන් තමන් තමන්ගේ භොග පමණින් කරනලද අපමණවු වු පුජා ලත් හෙයිනු ත් එසේ වු පුජා විඳිමට සුදුසු හෙයිනුත් , මාගේ ම, ස්වාමිදරු වු. මට ම දෙවි වු බඹ වු . අමා මට ම ශරණ වු. මාම නිසා ලොකයෙහි උපන්නාක් වැනි වු . මාගේ බුදුරජාණෝ අරහත් නම් වන සේ ක. එසේ හෙයින් කියන ලදි:

පුජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරභති ලොකෙ නාථෙ,
අත්ථානු රුපං අරහත්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං - යි.

මේ පුජාවලියෙහි අප බුදුන් ජිවකයන්ගේන් ලද ජීවකාරාම පුජා කථා නම්වු අට විසි වන පරිච්ඡේදය නිමි.

* * * * * * * * * * * * * *
ජීවකාරාම පූජා කතා පරිච්ඡේද‍ය අවසන්. ඔබගේ අදහස් පළ කරන්න.

No comments:

Post a Comment