Pages

Friday, May 18, 2012

දැයේ දූ දරුවන්ට පිදෙන බුද්ධිමය දායාදය - වෙබ් පාඨශාලා (රචිත්‍රගේ නිදහස් අඩවිය)

                           මම මගේ පළවෙනි බ්ලොග් එක පටන් ගන්න හිතුවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ දෙයකින්. පසුගිය පෙබරවාරි 3 වෙනිදා තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. එටිසලාට් ලංකා පුද්ගලික සමාගමයි, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවයි එකතු වෙලා කරපු මේ වෙබ් පාඨශාලා ව්‍යාපෘතිය තමයි ලංකාවේ මුල්ම ක්‍රමවත් විදිහට නිමැවුණු විද්‍යුත් ඉගෙනුම් (e- Learning) වැඩසටහන. වෙනත් විදේශ රටවල හරි හරියට කෙරෙන මෙම අධ්‍යාපන ක්‍රමය ලංකාවට ගෙන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ නව සංධිස්ථානයක් කියල යි මට නම් හිතෙන්නේ.

සේවාව ලබා ගැනීමට තිබිය යුතු අවශ්‍යතා          

මේ සේවාව ලබා ගන්න එටිසලාට් අන්තර්ජාල සම්බන්ධතාවක් තිබිය යුතුමයි.  ඊට අමතරව “වෙබ් පාඨශාලා” මෘදුකාංගයත්, සිංහල යුනිකෝඩ් හැකියාවත් ඔබගේ පරිගණකයේ තිබිය යුතුයි. (වෙබ් පාඨශාලා මෘදුකාංගය ස්ථාපනය කිරීමට ඔබගේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය යාවත්කාල (update) කර තිබීම, .Net Framework 2.0 ස්ථාපනය කර තිබීම අත්‍යාවශ්‍යය. නමුත් “වෙබ් පාඨශාලා” ස්ථාපනයේදී .Net Framework 2.0 ඉබේම ස්ථාපනය වේ.) තවද Adobe Reader මෘදුකාංගයද ස්ථාපනය කර තිබිය යුතුය.


සේවාව ලබා ගන්නා අයුරු         
මේ සේවාව ලබා ගැනීමට එටිසලාට් මධ්‍යස්ථානයකට ගොස් “වෙබ් පාඨශාලා” සිම් පතක් මිලදීගෙන USB මෝඩමයකට  යොදා අන්තර්ජාලයට සම්බන්ධ විය යුතුය. අනතුරුව එටිසලාට් මගේ පිටුව (mypage.etisalat.lk) වෙත පිවිස “වෙබ් පාඨශාලා” මෘදුකාංගය බාගත කළ යුතුය. අවශ්‍යනම් නෙට් නැනී මෘදුකාංගයද සක්‍රීය කරගත හැක.

අයකිරීම්          
එක් වෙබ් පාඨශාලා පාඩමක් සඳහා රු.135/= (බදු ඇතුලත්ව) ද, මාසික ගාස්තුව ලෙස රු.293/= (බදු ඇතුලත්ව) ද පෙර ගෙවුම් හෝ පසුගෙවුම් ලෙස ගෙවිය යුතුය. පාඩමක් මිලදී ගැනීමේදි 1GB ක දත්ත ප්‍රමාණයක්ද වෙබ් පාඨශාලා පාඩම සඳහා අන්තර්ජාල පහසුකම් නොමිලේද හිමිවේ. මාසික ගාස්තු වාරයක් ගෙවීමේදී 2GB දත්ත ප්‍රමාණයක්ද ලබාදෙයි. නෙට් නැනි පහසුකම සක්‍රීය කර ඇත්නම් ඒ සඳහා මාසයකට රු.60/= ක් ගෙවිය යුතුය.

ලබා ගත හැකි පාඩම්         
මෙමගින් 3,4,5 වසර ශිෂ්‍යත්ව පාඩම්, 6,7,8 වසර දෙමළ පාඩම් හා අ.පො.ස සා.පෙළ විද්‍යාව, සිංහල, ගණිතය. ඉංග්‍රීසි යන විෂයයන්‍ට අදාල පාඩම්ද ලබාගත හැක.

No comments:

Post a Comment